ලුම්බිණියත් වායු දූෂණයට ලක්වෙලා



සිදුහත් කුමරුන් උපත ලැබූ වර්තමානයේ නේපාල රාජ්‍යයට අයත් ලුම්බිණිය ද අධික ලෙස වායු දූෂණයට ලක් වී ඇතැයි පරිසරවේදීහු අනතුරු අඟවති.

පරිසරවේදීන් සහ විද්‍යාඥයන් එක් වී, ලුම්බිණි නුවර ස්ථාන කිහිපයකින් වාතය පරීක්ෂාවට ලක් කළ බව ද පැවැසෙයි. එහිදී අනාවරණය වී ඇත්තේ වාතය අධික ලෙස දූෂණයට ලක් වී ඇති බවය.

වාතයේ පිරිසුදු බව මැනීම සිදු කරනු ලබන්නේ වායු ගණ ඒකකයකට මයික්‍රෝ ග්‍රෑම්වලිනි. පසුගිය ජනවාරියේ ලුම්බිණිය ආශ්‍රිතව මයික්‍රෝ ග්‍රෑම් 2.5 ක අගයක් පෙන්නුම් කළ බවත් මේ වනවිට එය 173 තෙක් ඉහළ ගොස් ඇති බවත් පරිසරවෙදීහු පැහැදිලි කරති.

අපිරිසුදු වාතය හේතුවෙන් ලුම්බිණියට පැමිණෙන සංචාරකයන් පමණක් නොව, භික්ෂූන් වහන්සේලාට ද උපදෙස් ලැබී ඇත්තේ මුහුණු ආවරණ පළඳින ලෙස යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ලුම්බිණිය මේ අයුරින් දැඩි වායු දූෂණයකට ලක් වී ඇත්තේ, ඒ අවට ප්‍රදේශ කාර්මීකරණයට ලක් වුණු නිසා යැයි ද පරිසරවේදීහු වැඩි දුරටත් කියා සිටිති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS