ලාංකික විද්‍යාඥයන්ට හමුවුණු ග්‍රහ මණ්ඩලය



ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සිදු කළ පර්යේෂණයකට අනුව පළමුවරට අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගෙන ඇත.

ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින්  සිදු  කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහ මණ්ඩලය සොයා ගෙන තිබේ.

ඒ අනුව සොයාගත්  EPIC 212  737 443 ලෙස නම් කර ඇති මෙම තරුව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ආතර් සී ක්ලාක් ආයතනයේ විද්‍යාඥයින් විසින්  2017 වසරේදී ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තරුව වටා ගමන් කරන ග්‍රහලෝක දෙකක් සහිතග්‍රහ මණ්ඩලය හදුනාගැනීමට හැකිව තිබේ.

මෙම ග්‍රහ ලෝක 2 වායු සහ පාෂාණ අතර තත්ත්වයකින් පවතින ස්කන්ධයෙන් සමාන ග්‍රහ ලෝක 2ක් වන නිසා ඒවායේ ගුරුත්වාකර්ෂණ බල ද එකිනෙකට සමාන වේ.එනම් එම අගය පෘථිවියට සාපේක්ෂව 1.4ක් පමණ වේ.අපගේ සූර්යාට වඩා තරමක් පැරණි තරුවක් වටා පිහිටි මෙම ග්‍රහ ලෝක දෙක වටාද වායුගෝල පිහිටන අතර එම වායුගෝලයන් ද පෘථිවි වායුගෝලයට වඩා තුන්හතර ගුණයක් තරම් විශාල බවට මෙම පර්යේෂණ තුලින් හදුනාගෙන ඇත.

ආතර් සී ක්ලාක් ආයතනයේ හදුනාගෙන ඇති 3000 කටඅධික තරු සංඛ්‍යාව අතුරින් විශේෂ නිරීක්ෂණයන්ට ලක් කිරීමෙන් පසු ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු තවදුරටත් හදුනාගැනෙමින් පවතී.

මෙම ග්‍රහලෝක දෙකෙන් විශාලත්වයෙන් කුඩා ග්‍රහලෝකය k 2 -310 Bලෙසනම් කර ඇති අතර එය එම තරුවට ආසන්නතම ග්‍රහලෝකය වන අතර එහි විශ්කම්භය16437kmකි. එනම් එය අප පෘථිවිය සහ සූර්යයා පිහිටා ඇති දුරින් 10/1 ක් තරම් වේ. මෙහි මතුපිට උෂ්ණත්වය 2650C ක් පමණ වන බැවින් මෙම පළමු ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු නොවේ. මෙහි භ්‍රමණ කාලය දවස් 13.6 කි.

විශාලත්වයෙන් දෙවෙනි තැන ගන්නා ග්‍රහලෝකය k 2 -310 C ලෙස නම්කර ඇති අතර එහි විෂ්කම්භය 17074 Km කි.මෙහි මතු පිට උෂ්ණත්වය 42 0C වන අතර මෙම ග්‍රහලෝකයේ ජලය තිබිය හැකි ග්‍රහලෝකයක් ලෙස මෙම පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් හදුන්වයි.

පෘථිවියේ ඝනකමට වඩා තුන් හතර ගුණයක් තරම් විශාල මෙම ග්‍රහලෝක දෙකෙන් වඩාත් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකයෙහි භ්‍රමණ කාලය දවස් 65.6 ක් වන අතර එය අප පෘථිවිය සූර්යයා අතර දුර මෙන් 3/1 ක දුරකින් පිහිටයි. මෙම ග්‍රහලෝක දෙකෙහිම ස්කන්ධයන් සමාන වන නිසා මෙම දෙවන ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය ද පෘථිවියට සාපේක්ෂව 1.4 කි.

මෙමEPIC 212  737  443 තරු ව තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර එය වටා පිහිටි ග්‍රහලෝක දෙක එකම වේගයකින් භ්‍රමණය වන නිසා හැමවිටම එක් පැත්තක් තරුව දෙසට යොමුවන අතර අනෙක් පැත්ත හැම විටම අදුරු කලාපයක් ගනී.

ආතර් සි ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යඥයකු වන මහේෂ් හේරත් මහතා මෙම විශේෂ පර්යේෂණය ආතර් සි ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළඅතර මේ සදහා විදේශීය රටවල විද්‍යාඥයින් 11 දෙනෙකුගේ තාක්ෂණික දායකත්වයද ලබාගෙන තිබේ.

ශ්‍රීලාංකික විද්‍යාඥයින්ගේ මෙම නව ග්‍රහ මණ්ඩලයේ සොයාගැනීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මහත් පිළිගැනීමක් හිමිවන අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ තාක්ෂණය අතින් ඉදිරියෙන් ඇති දියුණු යුරෝපීය රටවල් අතරට ශ්‍රී ලංකාව ද මේ අනුව එකතු වේ.

මනෝජ් හර්ෂික මධුෂාන්


RECOMMEND POSTS