රුවන්ඩාවේ ජීවිත බේරාගන්නා ඩ්‍රෝනා යාත්‍රා



 

රුවන්ඩාවේ  ජීවිත බේරාගැනීම සදහා ඩ්‍රෝනා සැහැල්ලු ගුවන්යානා යොදාගනී

මෙම ගුවන්යානා රෝගීන්ට අවශ්‍ය රුධිරය, බොහෙත් හා අනිකුත් අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සදහා යොදා ගනු ලබයි.

මෙම ගුවන්යානා යොදාගනිමින් සිප්ලයින් ඉන්ටර්නැෂනල් ආයතනය ඈත දුෂ්කර පළාත්වල ඇති වෛද්‍ය මධ්‍යස්ථාන වෙත අවශ්‍ය භාණ්ඩ රැගෙන  රුවන්ඩාව හරහා පියාසරකරයි.

 

රුවන්ඩා රජය මෙම ගුවන් යානා සැපයීම සදහා ෂිප්ලයින් ආයතනය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ආයතනය ඇමරිකානු එක්සත් ජනපදය මුල් කරගනිමන් ක්‍රියාත්මක වන සමාගමකි. ඇමරිකානු නැව් සමාගමක් හා යුනයිටඩ් පාර්සල් සේවය මෙම ව්‍යාපෘතියට මුල්‍ය හා මෙහෙයුම් සහයෝගය ලබාදෙයි.

මෙම ව්‍යාපෘතියේ අනිත් සහකරුවා වන්නේ ගේවි නම් එන්නත් කිරීමේ සංවිධානයකි.  මෙය බිල්ගේට් සහා මෙලින්ඩා පදනමින් ආරම්භ කරන ලද සංවිධානයකි. මෙමගින් ලෝකයේ අති දුප්පත් රාජ්‍යයන් සදහා එන්නත් නොමිලේ ලබාදීම සිදුකරයි.

අවශ්‍ය ඖෂධ ට්‍රක් රථ මගින්  ගෙනයාම සඳහා කලින් පැය 4ක පමණ කාලයක් ගතවූ බව රුවන්ඩා රජය පවසයි.  එහෙත් මෙම ගුවන්යානා යොදාගැනීම නිසා විනාඩි 15ක් වැනි සුළු කාලයක් තුළ අවශ්‍ය දේවල් රැගෙන යැමේ හැකියාව ලැබෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ මාතෘ මරණ සංඛ්‍යාව වැඩිම රටවල් වන්නේ අප්‍රිකානු රටවල්ය. 

වෛද්‍යවරුන් විසින් අවශ්‍ය දේවල් දුරකථනයෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් ඉල්ලූ විට ඒවා  මෙම ගුවන්යානය මත තබා ඉක්මනින් අදාළ ස්ථානය වෙත යැවීම සිදුකරනු ලබයි.

සිප්ලයින් ආයතනය පවසන පරිදි මෙම ගුවන්යානයකට දවසකට ගුවන්වාර 100කට ආසාන්න සංඛ්‍යාවක් සිදුකිරීමේ හැකියාව ඇත.

තවත් ඇමරිකානු සමාගමක් වන වායූ විසින් මැඩගස්කර් වල එවැනිම ව්‍යාපෘතියක් ආරම්භකර ඇත. මේ සදහා අනුග්‍රහය සපයනු ලබන්නේ, යුනයිට් ස්ටේට් ඒජන්සි ෆෝ ඉන්ටර්නැෂනල් ඩිවෙලොප්මන්ට් ආයතනය මගිනි. මේ සදහා නිව්යෝර්කි හි ස්ටොනි බෘක් විශ්වවිද්‍යාලයේ දායකත්වය ලැබේ. විශ්වවිද්‍යාල නිලධාරීන් පවසන්නේ මෙමගින් වෛද්‍යවරුන්ට රෝගීන්ගේ ලෙඩරෝග හඳුනාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබෙන අතර අවශ්‍ය එන්නත් ඉක්මණින් ලබාදීමට හැකියාව ඇති බවයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක 

 

 


RECOMMEND POSTS