යේමන ගායිකා බාල්කි අහමඩ් ෆාති විවාහ ගිවිස ගනී



සෞදි ව්‍යාපාරික, සුල්තාන් අබ්දුල්ලාටිෆ් එමිරේට්හි උපන් යේමන ගායිකා බාල්කි අහමඩ් ෆාති සමග ඩුබාහිදි විවාහ ගිවිසගෙන ඇත. 

තමන් සහ තම ස්වාමිපුරුෂයා සමග මධුසමය ගතකිරීම සදහා නිවියෝක් බලා පිටත්වන බව මංගල උත්සවයට පැය කීපයකට පෙර ගායිකාව විසින් තම ටුවිටර් සමාජජාල ගිණුම හරහා පලකර ඇත. 

ව්‍යාපාරිකයාද  තම ටුවිටර් සමාජජාල ගිණුම හරහා එම කාරණයම පලකොට ඇත.

මංගල උත්සවයේ ඡායාරූප සහ විඩියෝද ගායිකාව විසින් තම ටුවිටර් ගිණුමේ පළකොට ඇති අතර ඇය දියමන්ති අල්ලන ලද සුදු සාරියකින් සැරසී සිටින ආකාරය මංගල ඡායාරූප වල දක්නට ඇත. 

මෙම මංගල උත්සව සදහා ප්‍රධාන පෙලේ සෞදි ගායකයෙකු වන රෂීඩ් අල්-මජීඩ් සහ ජනප්‍රිය එමිරේට්ස් ගායක හුසේන් අල්-ජස්මින් පැමිණ සිටි අතර ඔවුන් මෙහිදි ඔවුන්ගේ ගීත ගායනා කරමින් මංගල උත්සවයට පැමිණි සිටි පිරිස අමන්දානන්දයට පත්කලේය.    

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)
ජානක ප්‍රියදර්ශන ජයතිලක                       


RECOMMEND POSTS