මුස්ලිම් සම්භවයකින් ‘වෝග් ඇරේබියා’ කලඑළි බසී



ලෝක ප්‍රසිද්ධ වෝග් සගරාවේ මැදපෙරදිග කලාපය මේ මාසයේදී එලි දැක්විණි.

ඉංග්‍රීසි බසින් නිකුත් කෙරෙන මෙම සගරාවේ ප්‍රධාන කතුවරිය ලෙසින් ඩීනා අල්ජුහානි අබ්දුල්  අසීස් සෞදි කුමරිය කටයුතු කෙරීම විශේෂත්වයකි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පලස්තීන සහ ඇමෙරිකානු සම්භවයකින් යුතු ජනප්‍රිය නිරූපිකාවක වන ගිගි හඩිඩ් වෝග් අරැබියා සගරාවේ ප්‍රථම කලාපයේ මුල් පිටුව සරසනු ලැබීමයි.

ගිගි හඩිඩ් මේ සම්බන්ධයෙන් කියා සිටියේ  උපතින් මුස්ලිම් සම්භවයකින් පැවත එන්නකු ලෙසින් වෝග් සගරාවේ මැදපෙරදිග කලාපය මුල් කවරය සැරසීමට හැකිවීම ගැන තමාට ඇතිවන්නේ ආඩම්බරයක් බවයි.

ගිගී ගේ මෙම නිරුපනය ගෙන අදහස් දක්වමින් සෞදි කුමරිය කියා සිටියේ වචන දහසකින් පැවසිය යුතු දේ එක් ඡායාරූපයකට පෙනී සිටීමෙන්  ගිගී සමස්ත කලාපයටම පෙන්වා දී ඇති බවය.

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS