මළ මුහුද හැකිළිලා



මුහුදු මට්ටමින් මීටර 430ක පහළින් පිහිටි ලොව පහතම ස්ථානය ලෙස සැලකෙන මළ මුහුද ක්‍රමයෙන් හැකිළීම නිසා ජෝර්දානය ආර්ථිකමය අභියෝගයකට මුහුණ ද සිටියි.

මැදපෙරදිග කලාපයේ තිබෙන දැඩි අව් රශ්මියත් වර්ෂාව අඩු වීමත් නිසා මළ මුහුදේ වාෂ්පීකරණය වීමේ ක්‍රියාවලිය වේගවත් වී තිබේ. දැනට කර තිබෙන ගණනය කිරීම්වලට අනුව මළ මුහුදේ මතුපිට ජල මට්ටම වාර්ෂිකව අඩි තුනකින් පමණ අඩුවන බව වාර්තා වේ.

මළ මුහුද මෙලෙස වාෂ්පවීම, හැකිළීම සහ ජල මට්ටම අඩුවීම නිසා ජෝර්දානයට ඉන් ලබාගත හැකි ඛනිජ සම්පත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම නිසා රටට ඉදිරියේදී ආර්ථික වශයෙන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ. කෙසේ වෙතත් මළ මුහුදට තිබෙන සංචාරක ආකර්ෂණයේ අඩුවක් සිදුව නැත.

වසර මුළුල්ලේම මළ මුහුද නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් ක්‍රමයෙන් වැඩි වන බව ජෝර්දාන සංචාරක කර්මාන්තයේ පිරිස් පැවැසූහ.

හර්ෂණ තුෂාර සිල්වා
ජෝර්දානයේ මළ මුහුදේ
සංචාරයකින් පසු ලියයි


RECOMMEND POSTS