බෝනික්කියන්ට පෙම් කරන ජපන්නු



සිලිකන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද බෝනික්කන් සමග පෙමින් බැඳෙන්න ජපාන් පුරුෂයින් බොහෝ දෙනෙකු දැඩි කැමැත්තක් දැක්වන බව ඩේලිමේල් පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ඒ අනුව ජපානය තුළ සිලිකන් බෝනික්කන් මිලට ගන්නා පුරුෂයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එම වාර්තා මඟින් පෙන්වා දෙයි.ඔවුන් මෙම සිලිකන් බෝනික්කන් සමඟ සාමාන්‍ය දිවිපෙවතක් ගත කරමින් සිටින බවද සඳහන් වේ.

තමන් සිලිකන් බෝනික්කන් සමග පෙමින් වෙළී සිටින බව හතළිස් පස් හැවිරිදි මසයුකි ඔසාකි කියා සිටි අතර තමන් නැවත මිනිස් ඇසුරකට නොයන බව බෝනික්කන් සමග දිවි ගෙවන හැට දෙහැවිරිදි සෙන්ජි නකජිමා පැවසීය.

සිලිකන් බෝනික්කෙකුගේ මිල ඩොලර් හයදහසෙන් පමණ ආරම්භ වන අතර එවැනි බෝනික්කන් දෙදහසක් පමණ ජපානයේ වාර්ෂිකව අලෙවි වන බව වාර්තා පෙන්වා දෙයි.හුදෙකලාව හේතුවෙන් පුරුෂයන් ඒ වෙත යොමු වන බවට විවේචකයෝ තර්ක කරති.

( තිළිණි ද සිල්වා )

ඩේලිමේල් ඇසුරෙනි.


RECOMMEND POSTS