බ්‍රිතාන්‍ය පොප් තරුව නිවී යයි





බී.බී.සී ඇසුරෙනි.......

දිවියෙන් සමුගත් ගායන ශිල්පී ජෝර්ජ් මයිකල් වෙනුවෙන් ලොව පුරා සංගීත ලෝලීහු ඇතුළු කලාකරුවෝ ශෝකය පළ කරමින් සිටිති.

බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් මයිකල් ඉකුත් 25 වැනිදා මිය යන විට 53 වැනි වියේ පසු විය.හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බව ඔහුගේ කළමනාකරු පැවසීය.

මේ අතර ගායන ශිල්පී එල්ටන් ජෝන් කියා සිටියේ ආදරණීය මිත්‍රයකු මෙන්ම අතිදක්ෂ කලාකරුවෙකු වූ ජෝර්ජ් මයිකල්ගේ අභාවයෙන් තමන් දැඩි කම්පනයට පත් වී සිටින බවය.

අසූව දශකයේ ජනප්‍රියත්වයට පත් 'වෑම්' ද්විත්ව පුද්ගල සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෝර්ජ් මයිකල් පසුව ඒක පුද්ගල ගායකයකු ලෙස වෘත්තීය සාර්ථකත්වයේ හිනිපෙත්තට ළඟා විය.'වෑම්' සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයා වූ ඇන්ඩෲ රිජ්ලි සහ ජෝර්ජ් මයිකල් සමරිසි සහකරුවෝ වෙති.සිය සහකරුගේ අභාවයෙන් තමන් අතිශය කනගාටුවට පත්වී සිටින බව ඇන්ඩෲ රිජ්ලි පවසයි.

ජෝර්ජ් මයිකල්ගේ ඒක පුද්ගල ගීත ඇතුළත් සංගීත තැටි කෝටි ගණනක් ලොව පුරා අලෙවි වී තිබේ.මත් ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ ගැටලුවලින් පසු කාලීනව පීඩා විඳි ඔහු ලන්ඩනයේදී මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් කෙටි කලකට සිරගත කෙරිණි.

Careless Whisper, Last Christmas සහ Wake Me Up Before You Go-Go වැනි ඔහුගේ ගීත නිර්මාණ ගීත දර්ශක තුළ පළමු ස්ථානයේ පසු විය

 

තිළිණි ද සිල්වා

 


RECOMMEND POSTS