බ්‍රිතාන්‍ය දුම්රියේ කාන්තාවන්ට පමණක් මැදිරි



බ්‍රිතාන්‍යයේ පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බවත් මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.

2102-13 වසරවලදී 650 ක්ව තිබුණු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ.

සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කරයි.

එහෙත් ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් විලියම්සන් (Chris Williamson) ගේ එම යෝජනාව පිළිබඳව මන්ත්‍රීවරියන්, කාන්තා හිමිකම් සංවිධාන සහ ඔහුගේ පක්ෂයේම දේශපාලනඥයන්ගෙන් පළ වී තිබෙන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් සහ අවඥාවෙන් බැහැර කිරීමකි.

පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික අතවර අවම කිරීම සහ කාන්තාවන් වෙනුවෙන් "සුරක්ෂිත ස්ථාන" නිර්මාණය කිරීම පිණිස එවැනි ක්‍රමයක් අත්හදා බැලිය හැකි බව, ගිණි නිවීම පිළිබඳ ඡායා අමාත්‍යවරයා වන ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාවය

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS