බ්‍රිට්නි ස්පියර්ස් මැරුණැයි ට්විටර් පණිවුඩයක් යවලා



අතිශයින් ජනප්‍රිය ඇමෙරිකන් පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මියගියේ යැයි අන්තර් ජාලයේ ට්විටර් පණිවුඩයක් ප්‍රසිද්ධවීමත් සමඟ මහත් අන්දෝලනයක් හට ගත්තේය.

ට්විටර් පණිවුඩය ප්‍රසිද්ධ කළේ සුප්‍රසිද්ධ සෝනි සමාගමට අයත් ට්විටර් ගිණුමක් ඔස්සේය. ‘හදිසි අනතුරකින් බ්‍රිට්නි ස්පියර්ස් මියගියා’ යැයි එම පණිවුඩයෙහි සඳහන් විය.

එය දුටු බ්‍රිට්නි ස්පියර්ස්ගේ රසික රසිකාවියෝ මහත් සේ කලබලයට පත්වූහ. ඔවුන් ඒ ගැන සෝනි සමාගමෙන් විමසද්දී, සෝනි සමාගම එම පණිවුඩය මකාදමා ඇත. ඉන්පසු ඔවුන් ඒ ගැන සැමගෙන් සමාව ඉල්ලීමක් ද කළ බව වාර්තා වේ.

මේ අතර බ්‍රිට්නිගේ කලමණාකරු ඇඩම් ලීබර්, සී.එන්.එන්. පුවත් සේවය ඔස්සේ පවසා ඇත්තේ, ‘බ්‍රිට්නි හොඳින් සහ සුවයෙන් සිටිනවා’ කියාය.

බ්‍රිට්නි ජීන් ස්පියර්ස් උපත ලැබුවේ 1981 වසරේ දෙසැම්බර් දෙවැනිදාය. ඇය ගායිකාවක පමණක් නොව, නර්තන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක ද වන්නීය. 90 දශකයේ ඇය අතිශයින් ජනප්‍රිය ගායිකාවක වූවාය. බ්‍රිට්නි ස්පියර්ස් දෙවරක් විවාහ වූවාය. මැයට දරුවන් දෙදෙනෙකි.


RECOMMEND POSTS