පාපන්දු ලෝකයේ මහා මංගල්‍යය



පාපන්දු ලෝකයේ මහා මංගල්‍යය ලෙසින් හැඳින්වෙන ‘පාපන්දු ලෝක කුසලාන තරගාවලිය’ ආරම්භ විය.

තරගාවලියේ පළමු තරගය සත්කාරක රුසියානු කණ්ඩායම සහ සෞදි අරාබියානු කණ්ඩායම අතර පැවැත්විණි.

තරගය නැරඹීමට සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් එක්ව සිටියහ.

ලෝ පුරා පැවැත්වෙන විවිධ තරගාවලිවලට සහභාගී වන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෝ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කරන ‘ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලානය’ වෙනුවෙන් විශේෂයෙන් තම ජාතික කණ්ඩායම් හා එක් වී සිටිති.

තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරග ජූනි 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මූලික තරගවලින් අනතුරුව මෙරව ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 32ක් සුදුසුකම් ලබා සිටිති. මෙම කණ්ඩායම් 32ක් කාණ්ඩ 8ක් යටතේ තරග වදී.

පසුගිය වසර ශූරතාව දිනූ ජර්මානු කණ්ඩායම, වැඩිම වරක් ශූරතාව දිනා තිබෙන පසුගිය වර අනුශූරයන් වූ බ්‍රසීල කණ්ඩායම, ලයනල් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායම, ස්පාඤ්ඤ කණ්ඩායම, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් යැයි බොහෝ දෙනා අනාවැකි කියති. ප්‍රංශය සහ ඉතාලිය බලාපොරොත්තු සහගත කණ්ඩායම් බවට පත්ව තිබේ.

හර්ෂණ තුෂාර


RECOMMEND POSTS