ප්ලේබෝයි සඟරාවට නිරුවත යළිත් එයි



කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට එම සඟරාව තීරණය කර තිබේ.

මේ පිළිබඳව ප්ලේබෝයි නිර්මාතෘ හියු හෙෆ්නර් ගේ පුත් - කූපර් හෙෆ්නර් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ. සඟරාවේ ප්‍රධාන නිර්මාණ නිළධාරියා වශයෙන් කටයුතු කරන්නේ ද කූපර් ය.

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව 2015 දී ගත් තීරණය වරදක් බව ඔහු සඳහන් කරයි.අද, අප අපගේ අනන්‍යතාව හා යළි එක්වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

මේ අතර, මෙම නව තීරණය වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීමට #NakedIsNormal හෑෂ්ටැග් එක සමග ප්ලේබෝයි සඟරාවේ මාර්තු - අප්‍රේල් කලාපය එළිදක්වා තිබේ.

මෙම තීරණය ඇතැමුන් විසින් ප්‍රශංසා කර ඇති නමුත් ඇතැමුන් පවසන්නේ සඟරාවේ අලෙවිය අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව 2015 ඔක්තෝබර් මාසයේදී තීරණය කර තිබූ අතර, එම තීරණය 2016 මාර්තු කලාපයේ සිට බලපැවැත්වුණි.

 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි....


RECOMMEND POSTS