නිරෝගීකම කියා දෙන රිතික් සහ ලීසා



කඩවසම් බොලිවුඞ් නළු රිතික් රෝෂාන් සහ මොස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම බොලිවුඩයට අවතීර්ණ නිළියක ද වන ලීසා හේඩන්ගේ සමීප මිතුදම් ගැන පසුගිය කාලය පුරාවට වාර්තා විය. දැන් ඔවුහු දෙදෙනා කාගේත් අවධානයට ලක් වී සිටිති. ඒ, ප්‍රමුඛ පෙළේ විලාසිතා සඟරායක කවරය හැඬ ගන්වමිනි. 

42 හැවිරිදි රිතික් සහ 30 හැවිරිදි ලීසා, මෙම සඟරාවේ කවරයේ ඡායාරූපයටත් ඇතුළත ඡායාරූප සඳහාත් පෙනී සිටින්නේ නිරෝගී දිවියක් ලැබීමට නම්, හොඳින් ව්‍යායාම කළ යුතුයි බව පෙන්වා දෙමිනි. මෙම ඡායාරූප සඳහා රිතික් සහ ලීසා හැඬ ගන්වා ඇත්තේ නීතා ෂෙරොෆ් විසිනි. ඡායාරූ ශිල්පියා එරීකෝස් ඇන්ඩ්‍රෝය.

 

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS