නිරෝධානයට පුදුකුඩුඉරුප්පු ගිය ගමන



ලලිත් පේ‍්‍රමලාල් මහතා සෞදියේ සිට අප ‘මැදපෙරදිග ලංකාදීප’ පුවත් වෙබ් අඩවියට නිරන්තරයෙන් ලිපි සපයන මාධ්‍යවේදියෙකි. සෞදියේ සිට යළි මව්බිමට පැමිණ, නිරෝධායන ක්‍රියාවලියට යොමු වුණු පේ‍්‍රමලාල් මහතා, එසේ නිරෝධායනයට ලක් වෙද්දී ලැබූ අත්දැකීම් පාදක කර ගනිමින් මෙම විශේෂාංග ලිපිය සකස් කර තිබේ.

පසුගිය ජනවාරි 31 සවස 6.30 ට සෞදි අරාබියේ රියාද් කිංග් කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් මව්බිම බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් ගුවන් සමාගමට අයත් UL 1264 දරන ගුවන් යානය මගින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 288 දෙනා  මේ වන විට ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩ ඉරිප්පු හමුදා කදවුරේ රජයේ නිරෝදායනය නීතියට අනුගතව, නිරෝධායනය වෙමෙන් සිටී.

කොවිඩ් 19 නව කොරෝනා වයිරසයත් සමග සෞදි අරාබියේ විවිධ ප්‍රදේශ වල සිරවී සිට 288 ක් පමණවූ මෙම පිරිසට දමාම් රියාද් සහ ජෙඩා ඇතුළු තදාසන්න ප්‍රදේශ වල විවිද හේතු මත දැඩි අසරණව සිටි විශාල පිරිසක්ද  විවිධ රෝග සහ මානසික ආතතීන් පෙළුන රෝගීන් කිහිප දෙනෙක්ද දමාම් සහ  රියාද් සිර කදවුරු තුලින් නිදහස්වූ පිරිමින් 17  කාන්තාවන් දහදෙනෙකු පමණද  මවු වරුන් ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු  දරුවන් කිහිප දෙනෙකු ද ඇතුලත්ව සිටි අතර මෙම සියලුම දෙනා මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩි ඉරිප්පු යුද හමුදා කදවුරේ නිරෝධායනය වෙමින් සිටී.

පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් අත්පත් කර ගන්න ලද මෙම දැවැන්ත භූමි ප්‍රදේශය මනස්කාන්ත ගණ වනාන්තරයක්  තුල  සුන්දර පරිසරයකින් හෙබි මෙම කදවුරෙහි පිහිටි හමුදා බැරැක්ක කිහිපයක් තුල දින 14 ගත කිරීමට ලැබීමත් වාසනාවක් යැයි මට සිතුනි.

විශේෂයෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන්2021 ජනවාරි 31 වැනි දින අලුයම 2.00 ටශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 1264 දරන ගුවන් යානයෙන් මවු බිමට ගොඩබට අප 288 ක පමණවූ කණ්ඩායම උදැසන 6.00 පමණ සුඛෝපභෝගී බස රථ කිහිපයකින් පැය අටක් පුරා දිගු ගමනනාන්තයකින් පසු පුදුකුඩ ඉරිප්පු නිරෝධයන මධ්‍යස්ථානයේ  සහෝදර හමුදා නිලධාරින් විසින් අප සන්තකයේ තිබු බඩු බාහිරාදියද සමගිත් සාදරයෙන් පිළිගත් අතර කදවුරට බට අප සියල්ලන් හට දහවල් ආහාර පිලි ගැන්වීම සිදුවුයේ සහෝදර හමුදානිලධාරින් විසින්මය.

ශ්‍රී ලාංකික හමුදා සොල්දාදුවන්ගේ කාරුනික සහ සංවේදී භාවය මොනවට පැහැදිලි කරමින් මැදපෙරදිග මෙහෙවර නිම කරමින් මවුබිම වෙත පැමිණි රට විරුවන් සහ රණ විරුවන්ගේ සුසංයෝගයක් බදු දින දාහතරක නිරෝදායනය සදහා කාරුණික සත්කාරය අප වෙත ලබා දුන්නේ තම මවගෙන් උපන් එකම සහෝදර සහෝදරියන් ලෙසයි.

විශේෂයෙන්ම මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත විදෙස්ගතව සිට පැමිණෙනසියලුම දෙනාටම  යුධ හමුදාවේ අරක්කමියන් විසින් ආහාරපාන  පිසීම සිදු කෙරුණේ ඉහළ නිලධාරින් තිදෙනෙකුගේ විශේෂ අධීක්ෂණය සහ පරික්ෂාව යටතේ බව මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරියෙක් මා සමග පැවසිය.

හමුදා වෛද්‍ය අංශයේ නිලධාරිනියන් සහ නිලධාරීන්ගේ අදීක්ෂණය යටතේ ශරීර උෂ්ණත්වය සහ අනිකුත් රෝග ලක්ෂණ, සෞඛ්‍ය ආරක්ෂාවසහ සෞඛ්‍ය උපදෙස් ලබාදීම  දිනපතාම සිදු කරන අතරම අප වෙත අවශ්‍ය සියලුම අවශ්‍යතා පිලිබදව සොයා බලා යුහුසුළුව ඉටු කරදීම පිලිබදව පැසසිය යුතුය.

විශේෂයෙන්ම මෙම නිරෝධායන මධ්‍යස්ථානයෙහි ආරක්ෂාව සදහා දවසේ පැය 24 පුරාවටම ආරක්ෂක බලකායන් කිහිපයක්ම ජංගම සහ මුර සේවයන්යොදවා ඇති අතර වන සතුන් හෝ කුමනහෝ තර්ජනයක් එල්ලවීමට ඇති හැකියාව අවම බව ද කිව යුතුය.

විශේෂයෙන්ම මෙම සත්කාරය වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා සේවය කරන සියලුම නිලධාරින් හට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව මාගේ හැගීමය.

විශේෂ ස්තුතිය - 68 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජනරාල් ආර් පි ඩි රාජපක්ෂ, 682 බල සේනාවේ බලසේනාංකාධිපති කර්නල් එච් සි එල් ගලප්පත්ති, කර්නල් ප්‍රමානි 68 සෙමු කර්නල් පිසිඑල් ගුණවර්ධන, අණදෙන  නිලධාරි මේජර් එස් ආර් කේ ඩි සිරිසේන, දෙවන අණදෙන නිලධාරි පි එච් නිරෝෂන්, නිලධාරි අණදෙන මේජර් ඩිඑම් සි එම් දසනායක වයිධ්‍ය සහායක සාසේ පුෂ්ප කුමාර ,පාලන රාජකාරි සෙබල කෝප්‍රල් රත්නපාල, ලා/කෝප්‍රල් රොබින් යන හමුදා නිලධාරීන්ට.

ලලිත් ප්‍රේමලාල්
සහ මුස්තක් මොහොමද්
පුදුකුඩි ඉරුප්පු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට

RECOMMEND POSTS