නිර්මලාගේ මරණයට වගකිව යුත්තේ කවුද?



නොදන්නා නං නාදුනන රටවලට පැමිණ බැලමෙහෙවර කරමින් තම දුවා දරුවාගේ අනාගත සිහින සබැ කරන්නට එසෙත්  නැත්නම් තමන් ජිවත් වන කටුමැටි ගේ වෙනුවට නොතෙමි ජිවත් වන්නට ගෙයක් දොරක් තනා ගන්නට පැමිණෙන අපේ කාන්තාවන් මැදපෙරදිග රටවල කිසිදු හවූ හරනක් නොමතිව නන්නත්තාර වීම හෝ අකාලයේ මිය යාමට සිදුවීම කොතරම් නම් අභාග්‍යක්ද කෙතරම් නම් අවාසනාවක්ද?

මැදපෙරදිග කලාපයේ අපේ කාන්තාවන් හට අත්වි ඇති අවාසනාවන්ත සහ ඛේදනීය තත්වයන් පිලිබදව කතාකිරීමේදී එක උදාහරණයක් පමණක් සදහන් කිරීම කාලොචිට යයි මා සිතමි දෙපයින් නැගී සිටීමට ලද අවසරයෙන් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස මිට වසර දහයකට පමණ පෙර හැටන් ප්‍රදේශයේ පදිංචි කාරියක වූ 31 හැවිරිදි එක දරු මවකවූ නිර්මලා නම් දමිල ජාතික තරුණ කාන්තාව මිට සති දෙකකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරය.ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙම කාන්තාව මෙරටට පැමිණ ඇත්තේ නීථ්යානුකූලව වුවද කුමන හෝ හීතුවක් මතවසර අටට කාලයක සිට  අදාළ නිවසෙන් පලාගොස් විවිද පුත්ගලයන්ගේ ඇසුරට පත්ව නිත්‍යානුකුල නොවන ආකාරයේ රැකියාවල නියුතුව ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.වසර කිහිපයක් තිස්සේ ලාංකික තරුණයෙකු හා අනියම් සම්බන්දයස්ක් පවත්වා ඇති මෙම කාන්තාව ඔහු හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවී ඇති අතර මිය යාමට මාස කිහිපයක සිට ගැබ් ගෙන ඇති බවද සදහන්,එසේ තිබියදී කුමනහෝ ලාංකික දමිල තරුණයකු විසින් මෙම කාන්තාව මාර්ගයේ ගමන් ගන්නා කුලී රථයකට නංවා රෝහල වෙත ගමන් කරන ලෙස රියදුරුට දන්වා ඇත,කෙසේ වුවදමග දුරක් යාමේදී මෙම කාන්තාවගේ ශරීර ඉරියව් පිලිබදව සැක සිතු රියැදුරු විසින් රථය නවත්වා පිරික්සීමේදී කාන්තාව මියගොස් ඇතිබව වටහා ගෙන ආරක්ෂක අංශ වෙත දන්වා වහාම ගිලන් රථයක් මගින් රෝහල වෙත භාරදී ඇත.

කෙසේ වුවද මෙම කාන්තාව පිලිබදව සොයා බැලීමේදී හෙළිවූ කරුණු අනුව අය හා සම්බන්දව කිසිදු නීත්යානුකුල තොරතුරක් හෝ ඇයගේ පදිංචිව සිටියා යැයි සදහන් හැටන්  නිවසේ හෝ පවුලේ කිසිදු පුත්ගලයෙකුගේ තොරතුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති අතර ඇයගේ පැමිණි දින වකවානු හෝ ගමන් බලපත් පිලිබදව මෙතෙක් කිසිදු තොරතුරක්  සොයාගෙන නොමැති බවද තානාපති කාර්යාලය පවසයි.

මේ වන විටත් අභිරහසක්ව පවතින නිර්මලාගේ මරණය පිළිබධව සමාජ මාද්‍ය නිරන්තරයෙන් දැනුවත් කරනුයේ අදාළ පුත්ගලයින් හෝ ඒ සම්බන්දව වගකිව යුතු පුත්ගලයින් පිළිබවද තොරතුරු ලබාදෙන ලෙසයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය
19.10.2020.

RECOMMEND POSTS