නියෝවයිස් පෘථිවිය අසලින් යයි



ඇමෙරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයන් ‘නියෝවයිස්’ යනුවෙන් නම් කළ ධූම කේතුව එසේත් නැතිනම් වල්ගා තරුව පෘථිවියට ළංව ගමන් කළේය. ‘නියෝවයිස්’ පෘථිවියට ළංව ගමන් කළ පළමු අවස්ථාව මෙයයි.

වල්ගා තරුව දැක ගන්න බොහෝ දෙනෙක් උනන්දු වූහ. හේතුව එය දුරේක්ෂයක් නොමැතිව පියවි ඇසින් දකින්න ලැබුණු නිසාය. පියවි ඇසින් හෝ දුරේක්ෂ හරහා වල්ගා තරුව දකින්න නොලැබුණු අය වෙනුවෙන්, වල්ගා තරුවේ දසුන් සජීවීවර්චුවල් ටෙලස්කෝප් ප්‍රොජෙක්ට් වෙබ් අඩවිය හරහා විකාශය කෙරුණි.

තාරකා විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව, ‘නියෝවයිස්’ වල්ගා තරුව යළි පෘථිවිය අසලින් යනු දකින්න ලැබෙන්නේ වසර 7,000 කිනි. නාසා තාරකා විද්‍යාඥයන් නියෝවයිස් සොයා ගත්තේ කොරෝනා ජරමර මැද පසුගිය මාර්තුවේය.

වල්ගා තරුව පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කළේ යැයි කීවත්, එය ගමන් කළේ කිලෝ මීටර් මිලියන 103 ක් දුරිනි. එය සඳ පිහිටා ඇති දුර මෙන් සිවු ගුණයකි. ‘නියෝවයිස්’ පෘථිවිය අසලින් ගමන් කරනු පැහැදිලිව දකින්න ලැබුණේ පසුගිය ජූලි 23 වැනිදාය. ඒ, එය වඩාත් පෘථිවියට ළං වෙද්දීය.

උල්කා, ග්‍රහක සේම, වල්ගා තරු ද සෞර ග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන්ය. වල්ගා තරුවක් යනු ඇදුණු ඉලිප්සීය කක්ෂයක ගමන් කරන ග්‍රහ වස්තුවකි. වල්ගා තරුවකට ඇත්තේ තුනී වායු වැස්මකි. එය ඉතාමත් කුඩා අංශුවලින් සමන්විත වෙයි. වල්ගා තරුවේ වල්ගය ලෙස දකින්න ලැබෙන්නේ මෙම අංශුය. වල්ගා තරුවක වල්ගය සැමවිටම පිහිටන්නේ හිරු දෙසට නොව, හිරුගෙන් විරුද්ධ දෙසටය.

ද සන් ඇසුරිනි


RECOMMEND POSTS