නම නොකියා ට‍්‍රම්ප්ගේ විකල් හැසිරීම ගැන කිව්ව ඔස්කා සම්මානලාභීනිය



ඔස්කා සම්මානලාභී මෙරිල් ස්ටී‍්‍රප්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී සිය ජීවිත කාලය තුළ එක්වරක් පමණක් ලබන සම්මානයෙන් පිදුම් ලබා අනර්ඝ කතාවක් පැවැත්වූවා.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නම සඳහන් නොකළත් ඇය එහිදී සම්පූර්ණයෙන්ම කතා කළේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විකල් හැසිරීම ගැනයි.‘‘ගිය වසරේ සිදුකළ රංගනයන් අතරින් එක් රංගනයක් මට කොහෙමත් මගේ හිතෙන් අයින් කර ගන්නට බෑ. ඒක මගේ හදවතේ ගැඹුරටම කිඳාබැස්සා.. ඒක හොඳ රංගනයක් නිසා නෙවෙයි. ඒක සැබෑ ජීවිතයේ රංගනයක් වුණු නිසා.. ඒත් ඒකෙන් ඉලක්කගත පේ‍්‍රක්ෂකාගාරය හිනාගැස්සුණා..’’

‘‘ඒ මොහොත තමයි, අපේ රටේ අතිශයින්ම වැදගත් ආසනයේ වාඩි වෙන්නට යන පුද්ගලයෙක් විසින්, ආබාධිත පුවත්පත් වාර්තාකරුවෙක්ව අනුකරණය කරමින් ඔහු ට නින්දා කළ අවස්ථාව..’’මේ අන්දමින් මෙරිල් ස්ට‍්‍රීප් කියා සිටියේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත් කලාවේදියෙකුව අනුකරණය කරමින් ඔහුට නින්දා සහගත ලෙස මැතිවරණ වේදිකාවේ කතා කළ අවස්ථාවයි.

‘මුල්පුටුවේ සිටින කෙනෙක් එසේ කරන විට ඔහු අනෙක් අයටත් එසේ කරන්නට මග විවර කරනවා. එවිට අපිට සියලූම දේවල් අහිමි වෙනවා.අගෞරවයෙන් අගෞරවයට මග පාදනවා..’’ යැයි මෙරිල් ස්ට‍්‍රීප් සිය කතාවේ අග හරියේදී මහත් හැ`ගුම්බර ලෙස සහ දැඩි ලෙස කියා සිටියා.

ුසුපුරුදු පරිදි පසුදා අළුයම අවදි වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් කෝපාවිෂ්ට ට්විටර් සටහනක් තබමින් මෙරිල් ස්ටී‍්‍රප් හට ප‍්‍රතිචාර දැක්වූවා.‘‘බොරු සෝබනකාර හිලරි පැරදියි. මම මේ සිය වැනි වතාවටත් කියන්නෙ, මම කිසිම විදිහකින් ආබාධිත වාර්තාකරුවෙකු ව අනුකරණය කළේ නෑ (කරන්නෙත් නෑ මම කළේ ඔහුගෙ විදිහ නිකමට වගේ පෙන්නුව එක විතරයි’’) යනුවෙන් ට‍්‍රම්ප් ලියා තිබුණා.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS