දිවි පරදුවට තැබූ මානුෂීය මෙහෙයුම



නව කෙරෝනා වෛරසය ව්‍යාප්තවූ චීනයේ චූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනා යලි දිවයිනට රැගෙන ඒමේ  මානූෂීය ගුවන් ගමනට ස්වේච්ඡාවෙන්ම  එක්වූ  16 දෙනෙකු ගෙන් යුතු තම ධෛර්යයවන්ත කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය කෘතවේදීත්වය පළ කර සිටී.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර එම ගුවන් සමාගම මෙසේද කියා සිටී.

ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ. මහතා ගේ  උපදෙස්  මත  මෙම මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර කොළඹ  සිට වූහාන් බලා පියාසර කළ UL 1423 යානය විරාමයකින් තොරව දිගු ගුවන් ගුවන් ගමනකින් අද (1) උදෑසන මත්තල රාජපක්ෂ  ගුවන්තොටුපලින්  වූහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාාංකික සිසුන් මෙරටට රැගෙන ඒමට  සමත්විය.  සිසුන් සෞඛ්‍ය බලධාරීන්  හා හමුදා අංශ ඇතුළු අදාළ අංශ වෙත ඉදිරි කටයුතු සඳහා භාර කෙරිණි .

මෙම මානූෂීය ක්‍රියාන්විතය පිළිබඳව අදහස්ද ක්වමින් ශ්‍රී ලංකන්  ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා කියා සිටියේ .“සුනාමි අවස්ථාව ක් හෝ වේවා ,ත්‍රස්ත උවදුරක් හෝ වේවා අදාළ ඕනෑම අවස්ථාවකදී ජාතික ගුවන් සේවය  ජාතික අවශයතා වෙනුවෙන් පෙනී සිටින බවය.

කිනම්  අභියයෝෙයක් යටතේ වුවද  එම ජාතික වගකීම  නොපරිහෙලා ඉටුකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැමවිටම කටයුතු කරන බව සභාපති අශෝක් පතිරගේ මහතා කියා සිටී.

කොරෝනා වෛරසය හේතුවෙන් දැනට හුදකලා කර සිටින වූහාන් නගරයට යාමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 16 දෙනා පරාර්ථකාමී මෙහෙවර පිලිබද අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු සාමාජිකයන් අතිශය ආඩම්බර වන බවත් කියා සිටින සභාපතිවරයා පෙන්වා දෙන්නේ එහි  ගුවන් නියමුවන් ඇතුළු එම කාර්ය මණ්ඩලය තමන්ගේ සාමාන්‍ය  රාජකාරි මට්ටම ඉක්මවා යමින් නැවතත් රට වෙනුවෙන් තම වගකීම  නොපිරිහෙළා  ඉටුකිරීමට ජාතික ගුවන් සේවය වශයයන් පියවර ගෙන ඇති බවය.

ඡායාරූප - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සන්නිවේදන අංශය


RECOMMEND POSTS