ට්‍රම්ප් පවුල බලා ගන්න ආරක්ෂක අංශයට සල්ලි නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ සෙසු නිලධාරීන්ට ආරක්ෂාව සැපැයීමට ප්‍රමාණවත් නිලධාරීන් හෝ ප්‍රතිපාදන හෝ තමන් සතුව නැතැයි සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය පවසන්නේ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ 42 කට ආරක්ෂාව සැපැයීමට තමන්ට සිදුවී ඇති බවය. ඔබාමා ජනාධිපති ධුරයේ සිටිද්දී, සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශයට ආරක්ෂාවට දීමට සිදුවූයේ ඔබාමාට, බිරිය මිෂෙල් සහ දියණියන් දෙදෙනාට සහ ඔබාමා පරිපාලනයේ කිහිපදෙනකුට පමණක් යැයි ද සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය මතක් කර දෙයි.

ට්‍රම්ප්ගේ පරිපාලනයට සම්බන්ධව ආරක්ෂාව හිමිවන හතලිස් දෙදෙනා අතරට ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ 18 ක් ද වෙති. ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති සීක්‍රට් සර්විස් ආරක්ෂක නිලධාරීන්ගේ ගණන දහස ඉක්මවයි. සීක්‍රට් සර්විස් අංශයේ ප්‍රධානී ගන්ඩොල්ෆ් ‘රෙක්ස්’ ඇලෙස් පවසා ඇත්තේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම නිසා එම නිලධාරීන්ට වැටුප් ගෙවීම පවා ගැටලුවක් වී ඇති බවය.

ට්‍රම්ප් තෙවරක් විවාහ වූ අයෙකි. ට්‍රම්ප්ගේ වත්මන් බිරිඳ මෙලානියා වන අතර මෙලානියා සහ ට්‍රම්ප්ට සිටින්නේ එක් පුතෙකි. ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා, ට්‍රම්ප්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කරයි. ඇයටත් ඇගේ පවුලේ අයටත් ‘සීක්‍රට් සර්විස්’ රැකවරණය ලැබේ. ට්‍රම්ප්ගේ දෙවැනි කසාදයේ පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් සහ ඔහුගේ පවුලේ අයට ද ‘සීක්‍රට් සර්විස්’ ආරක්ෂාව හිමිවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS