කොවිඩ්වලින් ප්‍රවේසම් වන්න - මානසික ආතතිය අඩු කර ගන්න



චීනයේ වුහාන් නගරයෙන් පටන් ගත් කොවිඩ් 19 වසංගතය වසංගතයක් ලෙසම ලෝකය පුරාම ඔඩු දුවද්දී ජීවිතය පිලිබදව ආසාව ඇත හැර ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නට සිදුව ඇති අතර ඒ පිලිබවව කා අතරත් මරණ බය දැනෙන්නට ඇත්තේ ලොකු කුඩා දුප්පත් පොහොසත් හෝ ජාති ආගම් භේද සහ කිසිදු නිල තලයක් මායිම් නොකරමිනි.

කොවිඩ් වලින් කොපමණ මරණ බයක් දැනෙන්නට ඇත්දැයි බැලීමේදී කොවිඩ් 19 කුමන මොහොතක හෝ තමා වෙත පැමිනේවිදොයි යන බිය නිසාම සෞදි අරාබියේ රියාද් ප්‍රදේශයේ එක්තරා ලාංකිකයෙකු ගෙල වැලලා ගෙන සියදිවි නසා ගත් පුවතක්ද පසුගියදා වාර්තාවිය.

එසේ වෙන්නේ කෙසේදැයි යමෙකු විසින් ප්‍රශ්න කල හැකි වුවද සිදුව ඇති කරුණු කාරනා අනුව මෙම ලාංකික තරුණයා සමග එකම නවාතැනෙහි සිටි ඉන්දියානුවා හට කොවිඩ් ලක්ෂණ පහල වීම නිසා ඔහු රෝහල් ගත කර ඇති බව දැනගත් මොහු මානසික ආතතිය නොහොත් මනස කඩා වැටීමකට ලක්වීම නොවැලැක්විය හැක.කොවිඩ් 19 මාරාන්තික බවත් මිය යාමේ ප්‍රවනතාවය සහ ඊට මුහුණදීමේ පිලිබදව ඕනෑම කෙනෙකු හට ඇති බිය පිලිබදවත් අසාධ්‍ය රෝගියෙකු විසින් හර්ද ස්පන්දනය සහ හුස්ම ගැනීමේදී ඇතිවන සන්කුලතාවය ගැනත් ඇතිවන බිය අමුතුවෙන් කිවයුතු නොවේ.කෙසේ වුවද ඉහත ශ්‍රී ලාංකිකයා මෙවැනි තත්වයකට මුහුණ පෑමට වඩා තමන් විසින් මරණයට පත්වීම සුදුසු යැයි නිගමනයකට එන්නට ඇති ප්‍රවනතාවයට වැඩි ඉඩක් ගන්නා බව සැලකිය හැක.

විශේෂයෙන්ම ලෝකය පුරා ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා පවුලේ කොවිඩ් වසංගතය සෞදි අරාබියේද ඉතාම සීග්‍රයෙන් මෙන්ම වේගයෙන් ව්‍යාප්ත වෙද්දී අප විසින් සැලකිලිමත් වියයුතු කරුණු කීපයක් ඇති අතර පළමුව මෙම රෝගයෙන් අපි ආරක්ෂා විය යුත්තේ කෙසේද?එසේත් නැත්නම් මරණයේ සයනය තෝරා ගන්නේද යන්න පිලිබදව සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම මෙම වසංගතයෙන් මිදීම සදහා අනුගමනය කලයුතු කරුනු අතරින් ප්‍රධානම කරුණ වන්නේ හුදකලාවීම නොහොත් නිවසේ රැදී සිටීම,ආරක්ෂක ක්‍රමවේදයන් අනුව ජීවිතය හැඩ ගැසිම ඇතුළු  සියලු දුශ් චරිතයෙන් මිදීය යුතුය.මෙම සියලු කරුණු  අසීරු වුවද මෙම ව්‍යසන කාලය තුල ජිවිත අනතුරින් බේරීම සදහා අවශ්‍යම දෙයකි..මානසික ආතතිය මගින් සිත් තුල නොසන්සුන් භාවය නිසාම ඇතිවන අවධානම වැඩිවීම මගින් පාලනයෙන් බැහැරව යන මනස රෝගයට ගොදුරුවීම හෝ  ජීවිතය එපාවෙන තත්වයට පත්වීම නොවැලැක්විය හැක.එබැවින් ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය ජීවිතය පිළබදව ඇති බලාපොරොත්තු අත් නොහැරිය යුතුයි.සමාජය තුල පසු බැසීම, පමණට වැඩියෙන් ආරක්ෂාකාරී වීමත් පමණට වැඩියෙන් අපරික්ෂාකාරී වීමත් අනාරක්ෂිත වීමත් මානසික ආතතිය ඇති කරන අතරම මානසික ඒකාග්‍රතාවය සහ සමබරව තබා ගැනීම ජීවිතය පිලිබවද විශ්වාසයක් ඇතිකළ හැකි සාධක වනු ඇත.

 හෙට දවසේ මේ වසංගතයට ඕනෑම කෙනෙකු ගොදුරු විය හැක.එසේ වුවද අද දින අපි විසින් ජීවිතය පිළිබව බලාපොරොත්තු ඇත නොහැරිය යුතු අතරම මුහුණදීමේ ආත්ම ශක්තිය මත සියල්ල වෙනස් කර හැකි බැවින් මානසික ආතතියෙන් මිදී ආත්ම ශක්තිය ශක්තියක් කර ගතයුතු බව පසක් කරන අතරම  හෙට මෙම වසංගතයෙන් මිය යා හැකියි අනුමාන කරමින් හෝ තවෙකකු මෙම රෝගයෙන් මිය ගියේ යයි සිතමින් තම ජිවත් වීමේ අයිතිය උදුරා ගැනීමට කොවිඩ් වසංගතයට ඉඩ නොදිය යුතු බව සියල්ලන්ගේම මතය වනු ඇත.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි.

RECOMMEND POSTS