කොරෝනා ලෝකය යාවත්කාලින කරයිද ?



කොවිඩ් 19 හෙවත් නව කොරෝන වයිරසය මගින් ලෝකය පුරා ඇති වී ඇති ව්‍යසනය හමුවේ පිඩාවට පත්වූ සහ විඩාවට පත්වන මිනිසුන්ගේ සහ ආර්ථිකමය විනාශය කෙතරම්ද යන්න කිසිවෙකුට හෝ කිසියම්ම හෝ ආයතනයකට ගණන් බැලීම හෝ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට නොහැක.

එසේ වුවද එක එක රටවලට හෝ ජාතින් ලෙස බලන කල්හි විවිද රටවලට විවිද ආකාරයෙන් බලපෑ ඇති කොරෝනා වසංගතය මගින් විශේෂයෙන්ම  ලොකක්යෙ රටවලට කර ඇති හානිය දෙස බලන කල්හි තුන්වැනි ලෝකයේ හෙවත් දියුණු වෙමින් සහ ඉතා නොදියුණු රටවලට වී ඇති හානිය දරා ගත නොහැකි ලෙස බලපෑ ඇත්තේ සාමාන්‍ය මිනිසුන් වෙත කෙලින්ම එල්ල කරමින් ජන ජීවිතය සුනුවිසුනු කරමින් අවුලෙලෙන් අවුලට පත් කර ඇති නිසාය.

දශක කිහිපයකට පෙඅර පැවති සාම්ප්‍රදායික මිනිස් සමාජය තුල බෙහෙවින් පැවති සමාජ සංසරණය හෙවත් කාලින හැසිරීම් රටාව මගින් සමාජය තුල පරිනතව පැවති සංස්කෘතික සහ සබ්යත්වය තුල පවතී ආවේනික ගති ලක්ෂණ නිසා ලෙඩ රෝග,බෝවෙන වසංගත,හෝ අනිකුත් විනාශකාරී සිදුවීම් දක්නට සහ අසන්නට ලැබුනේ ඉතාමත්ය්ම අල්ප ලෙස බව කිවොත් නිවැරදිය.මිනිස් පරිනාමයත් සමග යාවත්කාලිනාවූ සන්නිවේදන සහ තාක්ෂණික දියුණුවත් සමගින් මානව සංහතිය තුලින් පසුපසට ගිය සාරධර්ම චාරිත්‍ර වාරිත්‍ර සහ සංහිදියාව සියලු විනාශකාරී සිදුවීම් වලට ඉනිමන් තැබීමක් සිදුවූ බව නොරහසකි.මානව වර්ගයා තුලින් බැහැරව ගිය සදාචාරය සහ අනීතික පරිහානිය තුලින්මඔබ්බට ගිය මිනිසා මුදල්මය පසුපස හභායාමේ ප්‍රතිපලයක් ලෙස වංචාව,දුෂණය,මිනි මැරුම්,ස්ත්‍රී දුෂණ, බලය අයුතු ලෙස පාවිච්චිය,මහජන දේපල අයුතු ලෙස ගැනීම,ස්බාවික සම්පත් විනාශය,වන සහ වෘක්ෂලතා විනාශය,න්යාස්ටික අවිභාවිතය සහ අනිකුත් මෙකි නොකී සියලු කාරනා හමුවේ  මුළු පෘතුවි තලයම  කම්පා කරවන සදාචාර විරෝධී ලෙස කටයුතු කිරීම නිසා වභාව ධර්මයා විසින් මනුෂ්‍ය වර්ගයා වෙත දුන් දඩුවමක් ලෙස කොවිඩ් හෙවත් කොරෝන වසංගතය හැදින්වීම වරදක් නැති මා සිතමි.

ජිව සහ භෞතික විද්‍යාත්මකව අනුව මුළු සෞරග්‍රහ මණ්ඩලය බැලීමේදී සුර්යා වට බ්‍රමණය වන ග්‍රාහකයින් හෙවත් ග්‍රහලෝක පිහිටිමේදී තුන්වෙනි ග්‍රාහකයා ලෙස හදුන්වන පෘතුවිය අනිකුත් ග්‍රාහකයින්ට අනුරූපව සුර්යාගේ සිට පිහිට දුර සහ කාලය  අනුව ජීවින් හට පෘතුවි තලය මත වාසය කිරීම සදහා අවශ්‍යහිරු එලිය, ඔක්සිජන්,කාබන් ඩයොක්සයිඩ්,සහ අනිකුත් වාතය,ජලය,ගහකොළ අල දොළ ගංගා පමණක් නොව රාත්‍රී කාලයේදී මිනිසා සහ අනිකුත් ජීවින් සදහා  සිසිල් ආලෝකයක් ලබාදිමට චන්ද්‍රයා  නිර්මාණය කිරීමදමිනිසා ඇතුළු සියලු ජීවින් හට ස්භාවධර්මයා විසින් කරන ලද ගෞරවයක් නොවේද? මහා පොලවේ ජිවත්වන  මිනිසාගේ පැවැත්ම සදහා මේ සියල්ල අනිවාර්යන් උපකාරී වන අතර  කිසිවෙකුත් කල්පනා කරන්නේනම් මිනිසා ජිවත් කරවීමට අතිශය වැදගත් මෙම කරුණු  කිසියම්වූ බලවේගයක් විසින් නිර්මාණය කලේද  මිනිසාගේ පැවැත්ම වියයුත්තේ ස්භාවධර්මයාට හෝ එසේත් නැත්නම් අප සිතන්නාවූ  බලවේගයට අනුරූපව නොවේද?

මහපොලව මත මුලිකව බිහිවූ මිනිසාට ආගම් හෝ වර්ගවාදය දේශපාලන බල අරගල හෝ වර්ණ භේදය හෝ ජාති භේදය නොතිබුන අතර බුද්ධිමය පරිනාමයත් සමග ඔබ්බට ගිය මිනිසා ස්භාවධර්මයා විසින් දායාද කල සියල්ල අනිසි ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිපලයක් ලෙස සදාචාරය නැත්තටම නැතිවූ අතර තාක්ෂණයේ සහ නුතන විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාගේ පැවැත්ම සදහා අතිශය සාදකයක් වන ඕසෝන් ස්තරය විශාශ කිරීම සදහා උපයෝගී කරන දුම් සහ අනිකුත් රසායනික  මෙන්ම නියාෂ්ටික අවි ඇතුළු අනිකුත් අන්තරාදායි ප්‍රතික්‍රියා තුලින් ඇතිවන ප්‍රතිපලයක් ලෙස හිරු විසින් දායාද කරන මිනිසාට හිතකර වායු සහ හිරු කිරණ මෙන්ම විටමිනයන් නොලැබීම සහ අතිශය අහිතකර  වයිරසයන් පෘතුවි තලය මත පතිතවීම නොවැලැක්විය හැකි අතර සුර්යා මගින් පතිතවන විකිරනශීලි සුර්ය අංශු හෝ අනිකුත් වයිරස කෙලින්ම මගින් මිනිසාගගේ සම මත පතිත වීමතුලින් කොවිඩ් 19 නමැති  ඉතා භයානක වයිරසයන් බෝවීම නොවැලැක්විය නොහැක.විශේෂයෙන්ම සදාචාරය පිලිබදව සැලකීමේදී සාමාන්‍ය ජන ජීවිතයේදී අනුගතවිය යුතු කරුණු කාරනා අතරින් එකිනෙකා හට අවමන් සහ උපහාසයට ලක් කිරීම,උදා හරණ ලෙස එක ජාතියක් තවත් ජාතියක් විසින් පළදින ඇදුම් ආයිත්තම්,එසේත් නැත්නම් මුහුණ වසා සිටීම පිලිබදව ප්‍රශ්න කිරීම් සහ එය අනිකුත් සමාජයට පටහැනි බව ප්‍රකාශ කරමින් නින්දා කිරීම් උපහාසයට ලක් කිරීම් තුලින්ද මතුවන අසමමිතික ක්‍රියා සදහාද කොවිඩ් විසින් සියල්ලන්ටම මුහුණු ආවරණ පැළදීමට නියෝග කර ඇති බව කිව හැක.බස් එකේ යාන වාහනයේ දුම්රියේ මග තොටේදී වෙළද සලේදී බැංකුවේදී මල ගෙදර මගුල් ගෙදර උත්සව භූමියේදී මුහුදු වෙරළේදී දේශපාලන රැස්වීමේදී පාසලේදී ටියුෂන් පන්තියේදී සංවරව හැසිරිය යුතු ආකාරය පමණක් නොව තම නිවසේදී පවා පිළිපැදිය යුතු කරුණු කාරනා කොවිඩ් 19 විසින් ඉතා පැහැදිලිව කියාදී ඇත.

එසේනම් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ලෝකය නව මගකට ගෙන යාමේ සාර්ථක මෙහෙවරක් ඉටුකරමින් සිටින අතරම සමාජය සහ මානව වර්ගයා වෙත අලුත් පණිවුඩයක් ලබා දෙමින් සෞරග්‍රහ මණ්ඩලයේ තුන්වැනි ග්‍රාහකයා ලෙස නම් කෙරුණ පෘතුවි තලයම යාවත්කාලින කරන බව මොනවට පැහැදිලි කරයි.???

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි.

RECOMMEND POSTS