කාන්තාවන්ට වෙන්වූ රූපවාහිනී නාලිකාව



කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා වැඩසටහන් නිෂ්පාදනය කරන අලුතින් ආරම්භ වූ රූපවාහිනී නාලිකාවක් පිළිබඳ ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.

'සාන් ටීවී' හෙවත් කාන්තා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ වැඩිදෙනා තරුණියන්.ඔවුන් අතරින් ද වැඩි දෙනෙක් තවමත් අධ්‍යාපනයේ නිරත සිසුවියෝ වෙති

ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නාලිකා පුරුෂාධිපත්‍යයට යටත් තත්වයක් පවතින අතර 'සාන්' රූපවාහිනිය එරට මාධ්‍යයට අලුත් අත්දැකීමකි.

මීට වසර දහසයකට පෙර ඇෆ්ගනිස්තානයේ දැරියන්ට පාසල් යාම ද තහනම් විය.

තිළිණි ද සිල්වා
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS