ඔස්ට්‍රේලියා මූදු පතුළෙන් අමුතු සතුන් හමුවෙලා



මෙතෙක් හඳුනා නොගත් අමුතු හැඩයක් ගත් සත්ව විශේෂ දෙකක් ඔස්ට්‍රේලියාවේ සාගර පත්ලෙන් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.

බැලූ බැල්මට මෙලොවට අයත් නැති වෙනත් ලෝකයකින් ආ සතුන් වැනි පෙනුමක් මෙම සත්වයන්ය ඇත.

මේ මිහිමත මෙතෙක් හඳුනාගෙන ඇති කිසිම සත්ව වංශයකට මෙම නව සත්වයන් අයත් නොවන බව සාගර ජීව විද්‍යාඥයෝ

පැහැදිලි කරති. දැනට හඳුනා ගෙන ඇති පෘෂ්ඨවංශිකයන් ඇතුළු විවිධ ජීවීන් රැසක් අතරට හෝ සපුෂ්ප ශාක අතරට හෝ මෙම නව සත්ව විශේෂය ඇතුළත් කිරීමට හැකියාවක් නැති බව ද විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

‘ඩෙන්ඩොර්ග්රැමා’ යනුවෙන් හඳුන්වා ඇති මේ සතුන් පිටතින් බලන විට හත්තක හැඩයක් ගනී. එහෙත් ඇතුළත ආමාශයක් හා එය වෙන් කෙරෙන ජෙලිෆිෂ් හෙවත් ලොඩියකුගේ වැනි ඝන ස්තරයක් දැකිය හැකිය.

විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව සමහර විට මේ සතුන් වසර මිලියන 600කට පමණ පෙර ජීවත් වුණු වඳ වී ගිය සතුන් විශේෂයකින් දිවි රැක ගත් සත්ව නියැදි දෙකක් විය හැකිය. ඇතැම් විට මොවුන්, බහුසෛලික ජීවීන් අතරින් පරිණාමය වීමේ උත්සහයන් අසාර්ථක වුණු සතුන් විශේෂ දෙකක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.

මෙම සතුන් හමු වී ඇත්තේ 1986 දී ගිනිකොනදිග ඔස්ට්‍රේලියාවේ තස්මේනියාවත්, බාස් සමුද්‍ර සන්ධියත් අතර මුහුදෙහි අඩි 1,312ත්, අඩි 3,280ත් අතර (මීටර් 400ත් මීටර් 1,000ත්) මුහුදු පත්ල සූරා ලබා ගත් රොන් මඬ අතරිනි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS