ඉහළ අහසේදී ගුවන් යානයට ගොඩවූ අමුත්තා !



අඩි 42,000ක් ඉහළින් පියාසර කරමින් සිටි තුර්කි ගුවන් සේවයට අයත් මගී යානයක් තුළදී, ගුවන් සේවිකාවන්ගේ සහ මගීන්ගේ සහය ඇතිව දරු උපතක් සිදු විය.

ගිනියා රාජ්‍යයේ අගනුවරින් ගුවන් ගතකළ මෙම යානය ඉස්තාන්බුල් නුවර දක්වා පියාසර කරමින් සිටියදී එහි සිටි මගී කාන්තාවක ගැහැණු දරුවෙකු ප්‍රසුත කර ඇත.

අනතුරුව ගුවන්යානය බර්කීනා ෆාසෝ හි ගොඩ බස්වා දරුවාත් මවත් රෝහල් ගත කර තිබේ.ගුවන් ගමනින් වෙහෙසට පත්වී ඇති නමුත් මවත් දරුවාත් නිරෝගීව සිටින බව වාර්තා විය.

සති 28ක ගැබක් දරා සිටි එම කාන්තාවට ගුවනේදී ප්‍රසූත වේදනාව ඇතිවූ බව තුර්කි ගුවන් සේවය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි

ගැබ්ගෙන සති 36ක් දක්වා කාලය අතරතුර ගුවන් ගමන්වල යෙදීමට බොහෝ ගුවන් සේවා අවසරදෙන නමුත් සති 28කට වැඩි ගැබක් දරා සිටින කාන්තාවක් ගුවන් ගමනක යෙදෙන්නේනම් දරුවා ප්‍රසූත කිරීමට නියමිත දිනය සහතික කරමින් වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS