ඉරානයේ ‘සේල්ස්මන්’ ඔස්කාර් නාම යෝජනා අතරට



ලෝක පූජිත ඉරාන සිනමාකරු අෂ්ගාර් ෆර්හාදි අධ්‍යක්ෂණය කළ ‘ද සේල්ස්මන්’ ඉරාන චිත්‍රපටය මෙම 2017 වසරේ ඔස්කාර් සිනමා සම්මාන උලෙළේ ‘හොඳම විදෙස් චිත්‍රපටය’ ලෙස තෝරා ගන්නා චිත්‍රපට අතරට එක් වී ඇත.

ලෝක සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝර්ඞ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 89 වැනි වරටය.

2012 වසරේ දී ද අෂ්ගාර් ෆර්හාදි අධ්‍යක්ෂණය කළ ‘අ සෙපරේෂන්’ චිත්‍රපටය ඔක්සාර් සිනමා උලෙළට නිර්දේශවූවා පමණක් නොව, එම වසරේ හොඳම විදෙස් සිනමා නිර්මාණය ලෙස සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

 

(ප්‍රෙස් ටීවී)

 

 


RECOMMEND POSTS