ඇමෙරිකාවට අලුතින් ජනපදයක්



ඇමෙරිකාවේ පාලනය යටතේ පවතින පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය, ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්විණි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 2.2 ක පිරිසක් සුදුසුකම් ලබා සිටි බව වාර්තා විය. කෙසේ නමුත් ජනමත විමසුමට සහභාගී වී ඇත්තේ සියයට 32 ක් පමණි.

පුවර්ටෝ රීකෝ ඇමෙරිකාවේ ජනපදයක් ලෙස එක් කර ගැනීමට පුවර්ටෝ රීකෝ වැසියන් කැමැත්ත පළ කළහොත්, ඒ සම්බන්ධයෙන් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේත්, සෙනෙට් මණ්ඩලයේත් ඡන්ද විමසුමක් පැවැත්වෙනු ඇත.

කොංග්‍රස් මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු නිල වශයෙන් පුවර්ටෝ රීකෝ ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් වෙයි. එසේ වුවහොත් පුවර්ටෝ රීකෝ ඇමෙරිකාවේ 51 වැනි ජනපදය වනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එසේ වුවහොත් ඇමෙරිකා ධජය පවා වෙනස් වනු ඇත. ඇමෙරිකා ධජයේ සුදු පැහැති තරු 50 ක් ඇති අතර ඒවායින් ඇමෙරිකාවේ ජනපද 50 සංඛේතවත් කෙරේ. පුවර්ටෝ රීකෝ 51 වැනි ජනපදය ලෙස එක් කර ගැණුනොත් තරු ගණන 51 ක් වනු ඇතැයි පැවැසෙයි.

පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපතකි. මෙය මෙතෙක් ඇමෙරිකානු පාලන ප්‍රදේශයට අයත් වුවත් ඇමෙරිකාවේ කොටසක් නොවිණි.  ආණ්ඩුකාරවරයකු   යටතේ පාලනය වෙයි.

පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය වෙනුවෙන් වෙනම ධජයක් ද ඇතත 2015 වසරේ සංගණනයකට අනුව, පුවර්ටෝ රීකෝවේ ජනගහනය මිලියන 3,474 කි. නිල භාෂා වන්නේ ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසිය.

අගනුවර සැන් යුවාන් වන අතර පුවර්ටෝ රීකෝ දූපත සංචාරක ආකර්ෂණයකි. පුවර්ටෝ රීකෝ ණය බරින් මිරකී සිටින දූපතකි. ඇමෙරිකාවේ ජනපදයක් බවට පත්වීමෙන් පුවර්ටෝ රීකෝ දූපත් වැසියන්ට වාසි රැසක් අත්වෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS