ඇමෙරිකානු රූ රැජින තරගයකට මුස්ලිම් කතක්



වර්ගවාදී අදහස් ඔඩුදුවා තිබෙන  ලෝකය තුළ ඇය සැබවින්ම වීරවරියක් .මේ වීරවරිය සුරූපිනියක් වීම තවත් විශේෂයක්. මේ විශේෂය වාර්තා වෙන්නේ ඇමෙරිකාවෙන්.

ඒ අමෙරිකාවේ තියෙන Miss Minnesota USA pageant ඒකට අවුරුදු 19ක තරුණියක් සහභාගිවී ඇත.ඇය පැමිණ ඇත්තේ මුස්ලිම් කාන්තාවන්ට අාවේනික ඇඳුමක් ඇඳගෙන.

Halima Aden නම් මේ තරුණිය සෝමාලියන් ජාතිකයෙක්. ඒ වගේම ඇය අැමෙරිකානු පුරවැසියෙක්.
මේ තරගය ජය ගැනීම කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවන්ට ලස්සන වෙන්න තරගවලට සහභාගී වෙන්න අවශ්‍ය බව පෙන්වන්න තමා ඇය මෙලෙස මේ තරගයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.
අවසන් 15 දෙනා අතරට මේ තරුණිය ආවත් අවසන් පස් දෙනා අතරට නම් එන්න බැරිවෙලා.


Halima Aden තමා මෙවැනි තරගයකට සහභාගී වූ පළමු මුස්ලිම් තරුණිය ලෙස ඉතිහාසගත වෙන්නේ.
ඒ වගේම අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් මේක ලොකු පහරක්. මොකද ඔහු අමෙරිකාවේ ඉන්න මුස්ලිම් ජාතිකයන්ට දක්වන විරුද්ධ මතය නිසා.

 

( තිළිණි ද සිල්වා)

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි....


RECOMMEND POSTS