ආශා බෝස්ලේගේ ඉටි රුව



පුරා දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සිට හින්දි සිනමාවේ තවත් ගීත කෝකිලාවියක වන ආහා බෝස්ලේ රුවෙන් සැකසුණු  ඉටි රූපයක්  ලෝක ප්‍රසිද්ධ මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට එහ පාලනාධිකාරිය තීන්දු කරනු ලැබ ඇත.

මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ශාඛාවක් ඉදිරියේදී නවදිල්ලි අගනුවරදී විවෘත කිරීම්ට නියමිත අතර  ඉන්දියාවේ සිනාම , ක්‍රීඩා සහ දේශපාලනඥ ,ඉතිහාසය සහ සංගීත ආදී ක්ෂේත්‍රයන්හි ජනප්‍රියතම තෝරා ගත් තරු පනහකගේ ලැයිස්තුවක් නවදිල්ලි මැජම් ටූසාඩ් කෞතුකාගාරයේ ඉටි රූප ගොන්නට තේරී පත් වී තිබෙන අතර ඉන් එක් අයෙකු වන්නේ ආශා බෝස්ලේය.

දැනට අසූ තුන්වැනි වියේ පසුවන ආශා බෝස්ලේ වසර හැටකට ආසන්න කාලයක් තිස්සේ බොලිවුඩ් චිත්‍රපට දහසකට වැඩි සංඛ්‍යාවක පසුබිම් ගීත ගායනා වලට එක්වී තිබීම විශේෂත්වයකි.එසේම ඇයට හින්දි භාෂාව ප්‍රධාන විදේශී භාෂාවන් 20 කට අධික සංඛ්‍යාවකින්  ගීත ගැයීමේ හැකියාව ඇත්තියකි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අය කියා සිටියේ ඉටි රුවක් බවට පත්වීම තමන් පුදුමයට හා ආඩම්බරයට පත් කළ සිද්ධියක් වූ බවය. 
 

 
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.........

 


RECOMMEND POSTS