ආලියාට ට්විටර් රසිකයින් මිලියන 10 ඉක්මවයි !



‘උදිත් පන්ජාබ්’ චිත්‍රපටය හරහා මේ වසරේ හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය දිනාගත් ආලියා භාට් පිළිබඳව මේ දිනවල වැඩි පිරිසක් කතා බහ කරන්නට පෙළෙඹ සිටියි.

එයට හේතුව වී ඇත්තේ ඇයගේ ‘ට්විටර්’ ගිණුමට මිලියන 10ක රසික පිරිසක් එක්ව සිටීමය.

ඇයට ඉදිරියෙන් දිපීකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, සෝනම් කපූර් හා සොනක්ෂි සිංහා වැඩි ‘ට්විටර්’ රසික පිරිසක් සිටින අනෙකුත් බොලිවුඩ් සිනමා නිළියන් වී තිබේ. බොලිවුඩ් සිනමා නළුවන් අතරින් වැඩිම ‘ට්විටර්’ රසික පිරිසක් සිටින්නේ අම්තාබ් බච්චන්ටය.

ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් හා අමීර් ඛාන් ඉන්පසුව වැඩි ‘ට්විටර්’ රසික පිරිසක් සිටින බොලිවුඩ් සිනමා නළුවන් වේ.

 

( තිළිණි ද සිල්වා )
ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.....

 


RECOMMEND POSTS