ආමීර් අංක එක - ෆෝබ්ස් සඟරාව කියයි !



ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව පසුගියදා ප්‍රකාශයට පත්කළ ආකාරයට බොලිවුඩයේ වර්තමානයේ වැඩිම ආදායම් උපයා ගත් නළුවා වශයෙන්   අමීර් ඛාන් තෙරීපත් ඇත.

ඔහුට මෙම ‘කිං ඛාන්’ කිරුළ හිමිව ඇත්තේ ඔහුගේ අලුත්ම සිනමාපටය වූ ‘දංගල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 720කට වඩා වැඩි මුදලක් සොයා ගැනීමට සමත් වීමත් සමඟය.

මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 700කට වඩා වැඩි ආදායමක් උපයාගත් චිත්‍රපට දෙකක ප්‍රධාන නළුවා වූ අමීර් ඛාන් මුලින්ම ඉන්දීය රුපියල් කෝටි 400ක් උපයාගත් ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයේද ප්‍රධාන නළු චරිතයට පණපොවනු ලැබූ නළුවාද විය.

පසුගිය කාලයේ ‘කිං ඛාන්’ ලෙස තමාව හඳුන්වා දුන් ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට අසාර්ථක වීම නිසා ඔහු මෙවර  එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය අහිමි වි ඇති බවද ‘ෆෝබ්ස්’ සඟරාව පවසා ඇත

 

( තිළිණි ද සිල්වා )
ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි....

 

 


RECOMMEND POSTS