ආදරණීයයන් වෙනුවෙන් කළ සමුගැනීම



34 හැවිරිදි ඩැනියෙලා ට්‍රෙසිට තව බොහෝ කාලයක් සිය ආදරණියන් සතුටුකරමින් ඡිවත්විය හැකිව තිබිණි. එහෙත් ඇය සිය ආදරණීයයන්ගේ දෑසට කදුලු පුරවමින්  ඡීවිතයෙන් සමු ගත්තාය.

ඇය සමුගත්තේ ඇගේ වේදනාවක් නිසා නොවේ.ඇය සිය ආදරනීයයන් වෙිදනාවට පත්කල බවට ඇතිවු උමතු ශෝකයෙනි . එහෙත් ඩැනියෙල්ලා ඔබ ඡීවිත්විය යුතුව තිබිනි.

ලෝකය ශෝකයේ හා වේදනාවේ  දවස් ගෙවමින් සිටී. ඒවා නිමාවන ළකුනු පෙනෙමින් නොපෙනී යමින් තිබෙි.කෙසේ වුව මෙි කදුලු තුළ මනුෂ්‍යත්වය නැවත රෝපනය වන වග පෙනේ  .එය හෙට දවසේ යහපත් මිනිස් සමාඡයක සුවද අපට දනවමින් තිබෙනවාක් වැන්න. එතෙක් මෙි ශෝකයේ සහ මරණයේ පනීවිඩ අප විදදරා ගත යුතුමය.

34 හැවිරිදි ඩැනියෙලා ට්‍රෙසි ඉතාලියේ දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශය වන ලොම්බාර්ඩි හි රෝහලක කොරෝනා වෛරස් අර්බුදයේ ඉදිරි පෙළේ වැඩ කරමින් සිටියාය.

සැන් ජෙරාර්ඩෝ රෝහලේ දැඩි සත්කාර වාට්ටුවේ සේවය කරමින් සිටියදී  ඇය කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්වීමෙන් හා රෝගයට ධනාත්මක බව නිගමනය කිරීමෙන් පසුව නිරෝධායනයෙහි යෙදී සිටියාය.

ඉතාලි පර්යේෂණ ආයතනයක් විසින් ඊයේ නිකුත් කළ සංඛ්‍යාලේඛන වලට අනුව ඉතාල් සෞඛ්‍ය සේවකයින් 5,760 ක් පමණ මෙිවනවිට කොරෝනා වෛරස් ආසාදිතයෝය

ඩැනියෙලා සිටියේ තම ආසාදිත තත්වය ගැන කිසිදු බියකින් නොවෙි. එහෙත් ඇය බියවී තිබුනේ තමා ඇසුරු කල කීදෙනෙකුට ඇය වෛරසය පතුරුවා ඇද්දැයි කනස්සල්ලෙනි..ඇය ඉන් ඉමහත්සේ වෙිදනාවට පත් වූවාය. එයට පිලිතුර ලෙස ඇය දුටුවෙි සිය දිවි නසා ගැනීමය. ඉතින් අහිංසක ඩැනියෙලා තව බොහෝ ඡිවිතය විදීමට ඉතිරිව තිබියදීම සියදිවි නසා ගත්තාය.

ඉතාලියේ ජාතික හෙද සම්මේලනය ඇගේ මරණය තහවුරු කළ අතර ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු  සිය 'වේදනාව හා කලකිරීම' ප්‍රකාශ කළහ.සම්මේලනය පැවසුවේ ඩැනියෙලා ඇය අතින් තව කීදෙනෙකු ආසාදීතයන් වී දැයි නොදැන දැඩි මානසික ආතතියකින් පෙළෙමින් සිටි බවත් අර්බුදය පාලනය කිරීමට උත්සාහ කරන අතරතුර ඇය මගින් තව තවත් වෛරසය පැතිරෙනු ඇතැයි යන්නෙන් බිය සිටි බවත්ය

අප සෑම කෙනෙක්ම මෙම වෘත්තිය තෝරාගෙන ඇත්තේ හොඳ වෙනුවෙන් වුවත්  අවාසනාවකට මෙන් දැන් ක්‍රියාත්මක යන්නේ අයහපත සඳහා ය: නමුදු අපි හෙදියන් වෙමු . අපගේ වෘත්තීන්ට යටත් වන තත්වය සහ ඉන් ඇතිවන ආතතිය මෙි මොහොතේ සියලු දෙනාගේ අවධානයට ලක්ව ඇත.",” සම්මේලනය පැවසීය.

උපුටන උපාලි ජයසිංහ ගෙන් 


RECOMMEND POSTS