අවුරුදු 50 ක පොඞ්ඩෙක් ඉන්දියාවේ



අවුරුදු 50 ක් වයසැති, පෙනුමින් අවුරුදු 5 ක කුඩා දරුවකු වැනි පුද්ගලයකු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දිළිඳු ගම්මානයක ජීවත්වෙන බව ‘මේල් ඔන්ලයින්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අඟල් 29 ක් උසැති බාසෝරී ලාල් නමැති මෙම පුද්ගලයා, උසින් අඩු වුවත්, සිරුර වර්ධනය නොවුණත්, මනා සෞඛ්‍ය තත්ත්නයකින් පසුවන බව ගම්මානයේ වෛද්‍යවරයා පවසා ඇත. සිරුර වර්ධනය වීම නැවැතී යද්දී ඒ ගැන විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීමට තරම් බාසෝරි ලාල්ට හෝ ඔහුගේ පවුලේ අයට හැකියාවක් තිබී නැතැයි ද පැවැසෙයි.

බාසෝරී ලාල්ගේ මව සහ පියා නොමැති අතර, ඔහු රැකබලා ගනු ලබන්නේ ඔහුගේ සොහොයුරා වන ගෝපි සහ ඔහුගේ බිරිඳ විසිනි. ගෝපි සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු පවසා ඇත්තේ ඔවුන්ගේ පවුගේ කිසිවකු මේ අයුරින් අසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් කුඩා නොවුණු බවය.

ඉන්දියාවේ නන්දෙසින් මෙම ‘කුරුමිටි මිනිසා’ දැක ගැනීමට ඔහු ජීවත්වන ගම්මානයට පැමිණෙන බව ද මේල් ඔන්ලයින් පුවත් සේවය වාර්තා කරයි. ‘මුලදී මම කනගාටු වුණා. දුක් වුණා. ඒත් දැන් එහෙම නැහැ. මම අනෙක් අය වගේමයි කනවා බොනවා. සතුටින් නිදා ගන්නවා’ යැයි බාසෝරී ලාල් කියා සිටී.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS