අමතර අත් දෙකක්



කාර්ය බහුල ජීවිතයේ එදිනෙදා වැඩ කර ගැනීමට අමතර අත් දෙකක් තිබුණොත් හොඳයි යැයි සිතෙන අවස්ථා බොහොමය.

අමතර අත් දෙකක් ලෙස ක්‍රියාකරන රොබෝ අත් දෙකක් ජපන් පර්යේෂකයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත. මෙම රොබෝ අත් නම් කර ඇත්තේ ‘මෙටා ලිම්බ්ස්’ යනුවෙනි.

මෙම අත් දෙක ක්‍රියාකාරී වෙන්නේ, එය පැළැඳ සිටින පුද්ගලයාගේ සිරුරේ චලනය අනුවය.

මොනවා හරි අහුලා ගන්න නැමුණොත්, අත් ක්‍රියාකාරී වන්නේ බිම ඇති දෙයක් අහුලා දීමට උදවු වෙන අයුරින්ය.

මෙම අත් දෙක බෑගයක් එල්ලා ගන්නා ආකාරයට පිටේ එල්ලා ගැනීම කළ යුතුවෙයි. සිරුර හා සම්බන්ධ සන්වේදක අනුව අත් චලනය වීම සිදුවෙයි. ඉතා සන්වේදී කටයුතු සඳහා ද මෙම අමතර අත් උපකාරී වෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS