අට හැවිරිදි සොහොයුරිය ගින්නෙන් බේරාගත් 5 හැවිරිදි වීරයා



ඕමානයේ වයස අවුරුදු 5ක පිරිමි දරුවකු වන අම්ජඩ් අල්-ජාහ්ඩාමි ඔහුගේ 8 හැවිරිදි සහෝදරිය ගින්නෙන් බේරාගැනීම නිසා විරයෙක් බවට පත්විය.

මෙම ගින්න ඔහුගේ කාමරයේ ඇතිවී තිබෙන්නේ, එම අවස්ථාවේදි ඔහු අවධි වී ඇත.

පසුව උදව් ලබාගැනීම සදහා ඔහු පහළ මහලට දිවගොස් ඇත.

එහි සිට ඇත්තේ ඔහුගේ මිත්තනිය පමණයි.

ඇයට ඉහළ මහලට යෑමට නොහැකි නිසා ඔහු හදිසියේම තීරණය කර ගිනිගන්නා ඔහුගේ කාමරයට දිවගොස් සහෝදරියව කාමරයෙන් එලියට රැගෙන ඒමට සමත්වී ඇති බව ඔහුගේ මාමා වන මොහොමඩ් අල්-ජාහ්ඩාමි ගල්ෆ් පුවත් සේවයට ප්‍රකාශකර සිටියේය.  

“අපි ගොඩාක් ආඩම්බර වෙනවා අම්ජාඩ් ගැන, ඔහුගේ ජීවිතේ ගැන හිතන්නෙවත් නැතුව තමයි මේ දේ කරලා තියෙන්නේ, බොහෝම අමාරුවෙන් තමයි එයා එයාගේ අක්කව අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ කාමරයෙන්“.

මෙම ගින්න නිසා ඔහුගේ කාමරය සම්පූර්ණයෙව්ම විනාශවී ඇත. 

ගින්නෙන් දරුවන් දෙදෙනාට සුළු පිලිස්සුම් තුවාල සිදුවී ඇත.

ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවෙති.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කළ බලධාරීන් කියා සිටින්නේ. මෙම ගින්නට හේතුව වී ඇත්තේ විදුලි කාන්දුවීමක් බවයි

ජාතික තොරතුරු හා සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානයට අනුව මෙවැනි අනතුරු ඕමානයේ පැය 3කට වරක් සිදුවේ. මේවාගෙන් 23%ක් නිවාස ආශ්‍රීතව සිදුවේ.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අත්වැරදීම්, ව්‍යාජ භාණ්ඩ භාවිතය සහ පැරණි ගෘහ උපකරණ භාවිතා කිරීමයි.  

 

 

GDN online ඇසුරෙනි

 

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS