2016 ලොව බලගතුම පුද්ගලයා රුසියානු ජනපති පූටින්



පිට පිට සිව්වැනි වතාවටත් ඇමෙරිකාවේ ෆෝබ්ස් සගරාව මඟින් හඳුන්වා දී ඇති ලොව බලගතු සම්පන්න පුද්ලගයින් ගේ ලැයිස්තුවේ පළමුවැන්නා වී ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්ය. ගිය වසරේ එම ලැයිස්තුවේ 72 වැනි ස්ථානයේ සිටි ඇමෙරිකාවේ තේරී පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ 2 වැනි ස්ථානයට පත්ව ඇත.ගිය වසරේ මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත්ව සිටි ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා මහතා මේ වසරේ දී  48 වැනියා බවට පත්ව ඇත.

එසේම පසුගිය වසරේ ෆොබ්ස් ලොව බලසම්පන්න ලැයිස්තුවට නම ඇතුළත්ව නොතිබී බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ  ඇතුළු 11 දෙකනෙකු අලුතින් තේරී පත්වීම විශේෂත්වයකි.

 ෆෝබ්ස් සඟරාව මඟින් 2016 වසරේ ලොව බලසම්පන්න පුද්ගලයින් සිය දෙනා අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයේඩ් අල් නයාන් මහතා සහ සෞදි අරාබියේ පාලක සල්මන් බින් අබ්දුල් අසීස් අල් සෞද් රජතුමන්  ද ඇතුළත්ව ඇතැයි වාර්තාවේ.

සෞදි අරාබියේ පාලක සල්මන් බින් අබ්දුල් අසීස් අල් සෞද් රජතුමන් මෙම ලැයිස්තුවේ 16 වැනි ස්ථානයටද , ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයේඩ් අල් නයාන් මහතා මෙම ලොව බලගතු සම්පන්න පුද්ගලයින් ගේ ලැයිස්තුවේ 39 වැනි ස්ථානයට පත්ව සිටිති.

එම ෆෝබ්ස් සඟරාවට අනුව එක්සත් එමීර් රාජ්‍ය යේ ජනාධිපතිවරයා ලොව ධනවත්ම රජපෙළ පත් අතර  පළමුවැනි ස්ථානයේ රැඳී සිටින එමීර්වරයා වන බවද සඳහන් වේ. ඔහු සතුව ඩොලර් බිලියන 800 වත්කම් ප්‍රමාණයක් සහිත ලෝකයේ විශාලතම අරමුදලද වේ.

පහත දැක්වෙන්නේ පිළිවෙළින්  ලොව බලසම්පන්න පුද්ගලයින් දස දෙනා අතරට තේරී පත්වූවන්ගේ ලැයිස්තුවකි.

Rank

Name

Organisation

1

Vladimir Putin

Russia

2

Donald Trump

United States

3

Angela Merkel

Germany

4

Xi Jinping

China

5

Pope Francis

Roman Catholic Church

6

Janet Yellen

United States

7

Bill Gates

Bill and Melinda Gates Foundation

8

Larry Page

Alphabet

9

Narendra Modi

India

10

Mark Zuckerberg

Facebook

( තිළිණි ද සිල්වා )

 

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS