100 වසරක සැමැරුම්



පළමු ලෝක යුද්ධය අවසන් වී, වසර 100 ක් ගතවීම නිමිත්තෙන් පසුගිය දා (10) ප්‍රංශයේ පැරිස් නුවරදී විශේෂ සැමැරුමක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙනි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පමණක් නොව, යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ රැසක් මෙම සැමැරුමට සහ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වී සිටියහ. එක්සත් රාජධානිය ද වෙනමම, පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100 ක් ගත වීම සැමරීය. ඒ, බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙනි. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෝ සැවොමමෙම සැමැරුම් උත්සවවලට සහභාගී වූහ.

පළමු ලෝක යුද්ධය ඇවිළී ගියේ, යුරෝපා අධිරාජ්‍යය අතරේ, ආර්ථික, හමුදා සහ යටත්විජිත එදිරිවාදිකම් හමුවේය. 1914 වසරේ ජූනි 28 වැනිදා, ඔස්ටි‍්‍රයා සහ හංගේරියා රජු ෆ‍්‍රාන්ස් ෆර්ඩිනැන්ඞ් සර්බියාවේ දී ඝාතනයට විය.

ඝාතනය සම්බන්ධයෙන් සර්බියාවට චෝදනා එල්ල වන්න විය. මෙය ඔස්ටි‍්‍රයාවේ සහ හංගේරියාවේ කෝපයට හේතුවක් විය. ඔස්ටි‍්‍රයාව සහ හංගේරියාව එක්වී සර්බියාව ආක‍්‍රමණය කළේය. 1914 වසරේ ජූලි මාසයේදීය. ප‍්‍රංශය, ජර්මනිය සහ රුසියාව යුද්ධයකට මුහුණදීමේ සූදානමින්, හමුදාව සීරුවෙන් තැබුවේය. සර්බියාවේ සහායට ප‍්‍රංශය සහ රුසියාව ඉදිරිපත් විය.

1914 වසරේ අගෝස්තුවේ ජර්මනිය, ඔස්ටි‍්‍රයාවට සහ හංගේරියාවට සහාය පළකරමින්, ප‍්‍රංශය සහ ජර්මනියට එරෙහිව යුද ප‍්‍රකාශ කළේය. බි‍්‍රතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප‍්‍රකාශ කළේය. බෙල්ජියමේ මොන්ස්හිදී ජර්මන් හමුදා බි‍්‍රතාන්‍ය හමුදා පරාජය කළේය. ටැනන්බර්ග්හිදී රුසියානු හමුදා පරාජය කළේය. 1914 අගෝස්තු මාසය වෙද්දී, ජර්මනියේ අරමුණ වූයේ බෙල්ජියම හරහා උතුරු ප‍්‍රංශයත් පැරිස් අගනුවරත් ආක‍්‍රමණය කිරීමය. ඒ, යුද්ධයට සම්බන්ධ වුණු ප‍්‍රංශය දින කිහිපයක් ඇතුළත අඩපණ කර දැමීමේ අරමුණ ඇතිවය.

‘මාර්නේ’ ගංගාව අසලදී, ප‍්‍රංශ හමුදා බි‍්‍රතාන්‍ය හමුදාවේ ද සහාය ඇතිව පෙරළා කළ පහරදීම් මුල්කොට ගනිමින්, ජර්මන් හමුදාව අසරණ විය. දෙපාර්ශ්වයම ආරක්ෂිත අගල් හාරා ගනිමින්, ඒවායේ සිට ප‍්‍රහාර එල්ල කර ගන්න විය. 1914 වසරේ ඔක්තෝබරයේදී, තුර්කිය ජර්මනියට සහාය දක්වමින් යුද්ධයට සම්බන්ධ විය. 1915 දී බෙල්ජියමේ වයිරෙප් පළාතේ බෙල්ජියම් හමුදාව ඉලක්ක කර ගනිමින්, ජර්මනිය විස වායු ප‍්‍රහාර එල්ල කරන්න විය. 1916 ජූලි සිට නොවැම්බර් දක්වා සොම් සටව වෙනුවෙන් යුද ටැංකි භාවිත කෙරුණි. 1917 අපේ‍්‍රල් මාසයේ දී ඇමෙරිකාව මිත‍්‍ර පාර්ශ්වයට එක් වෙමින් යුද්ධයට සම්බන්ධ විය. 1917 වසරේ ජූලි සිට නොවැම්බර් දක්වා පැස්චෙන්ඬේල් සටන පැවැතිණි.

1918 මාර්තු මාසයේ බ්‍රෙට් - ලිට්ස්වොස්ක්හිදී ජර්මනිය සහ රුසියාව සාමයට අවතීරණ විය. මේ වනවිට  ජර්මනියේ හමුදා ශක්තිය තරවී තිබුණු අතර, ඔවුන් බටහිර යුද පෙරමුණට එරෙහිව දිගටම සටන් කරන්න විය. කෙසේ නමුත් ප‍්‍රතිප‍්‍රහාර හමුවේ, 1918 ජූලි මාසය වෙද්දී ජර්මන් හමුදා පසුබැසීමට ලක් විය. 1918 අගෝස්තුවේ, මිත‍්‍ර පාර්ශ්වීය රටවලට ඇමෙරිකා හමුදාවේ සහාය ලැබුණු අතර, ජර්මන් හමුදා පරාජය කරමින් ඉදිරියට යෑමට මිත‍්‍ර පාර්ශ්වීය හමුදාවලට හැකි විය. 1918 ඔක්තෝබරයේදී, ඉතාලිය, ඔස්ටි‍්‍රයාව සහ හංගේරියාව පරාජය කළේය. තමන් සාමයට කැමැති යැයි පවසමින් සටන් නැවැත්වීමට, ඔස්ටි‍්‍රයාව හංගේරියාව සහ තුර්කිය ඉල්ලීමක් කළේය.

වසර 100 කට පෙර, 1918 නොවැම්බර් 11 වැනිදා, ජර්මනිය සහ සෙසු මිත‍්‍ර පාර්ශ්වීය රටවල් අතරේ සටන් විරාමයකට අත්සන් තැබීම සිදුවිය. 1919 ජූනි මාසයේදී, ප‍්‍රංශයේ වර්සෙල් නුවරදී, සාම ගිවිසුමකට අත්සන් තැබීම සිදුවිය. මෙහිදී ජර්මනියට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කෙරුණි.

1939 වසරේ දී දෙවැනි ලෝක යුද්ධය හටගැනීමට මුල්වූයේ එම කොන්දේසිය. 1919 වසරේ දී යුද්ධය අවසන් වෙද්දී, පැරැුණි අධිරාජ්‍යය සියල්ල බිඳ වැටී නටබුන් වී තිබුණි. යුද්ධයට සම්බන්ධ වුණු එක් පාර්ශ්වයක් ලෝක බලවතා ලෙස නැගිටීම සිදුවූයේ ඉන්පසුවය. ඒ, ඇමෙරිකා එක්සත් ජනපදයයි.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS