ලංකාවට ගෙනා පළමු එන්නත



ඉන්දියාවෙන් ගෙන එන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිඞ් එන්නත හෙට (28) මෙරට ලැබීමටත් එය අනිද්දා (29) සිට ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීමටත් නියමිතය.

කොවිඞ් වෙනුවෙන් සැකසුණු එන්නතක් ගෙන්වා එන්නත් කිරීම ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් වන්නේ එය භාවිතය ලොවටම තවමත් නවමු අත් දැකීමක් වන බැවිනි.  

දේශිය වෙදකමෙහි එන්නත් භාවිතයක් සිදුනොවේ. එසේනම් මෙරට දී එන්නත් ලබා දීමේ ඉතිහාසය කෙබ`දුදැයි සොයා බැලීම මේ සමයේ දී විශේෂයක් වන්නේය.  

අද සාමාන්‍ය දෙයක් වී ඇති එන්නත් භාවිතයේ ආරම්භය 19 වන ශතවර්ෂය තෙක් දිවෙයි. එන්නතක් ගැන පළමුවරට සදහන් වන්නේ 1806 තරම් ඈත අතීතයකය.

මෙරට දී මුල්වරට ශ්‍රී ලාංකිකයෙකු විසින් එන්නතක් ලබාගෙන ඇත්තේ මීට වසර 225 කට පෙර දීය. එහෙත් ඒ එන්නත ලබා දුන් පුද්ගලයා පිළිබ`ද ලිඛිත සාක්ෂි සොයා ගැනීම තරමක් අසීරුය.

1806 දී බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරුන් විසින් ත‍්‍රිකුණාමලයේ පදිංචි අවුරුදු 12 ක ළමයකුට වසූරිය සදහා එන්නතක් ලබා දුන් බව ස`දහන් වේ. ඉන් අනතුරුව පහත රැටියෝ විවිධ අවස්ථාවන්හි වසූරිය එන්නත් ලබා ගෙන තිබේ. බි‍්‍රිතාන්‍ය ජාතිකයන් අතර එම එන්නත භාවිතය සුලභව සිදුවිය. 

රට පුරා වසූරිය පැතිර ගියත් උඩරැුටියෝ වසූරිය එන්නත ගැනීම ප‍්‍රතික්ෂේප කළහ. රදල පිරිස් එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා සාමාන්‍ය වැසියන් ද ඒ කෙරෙහි දැක්වූයේ බියකි. ඒ වෙනුවෙන් නොයෙක් අත් බෙහෙත් කළත් වසූරිය හේතුවෙන් විශාල පිරිසක් මිය ගියහ.

එවන් පරිසරයක උඩරැටියන් මේ එන්නත ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් සිදුවිය හැකි අයහපත දුටු කැප්ෙටිපොල දිසාව ඒ වෙනුවෙන් පෙරමුණ ගත්තේය.

ඒ අනුව රාජපක්ෂ වික‍්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොල හෙවත් වීර කැප්පෙටිපාල දිසාවේ එන්නතක් ලබා ගත් පළමු සිංහල ප‍්‍රභූවරයා ලෙසත් පළමු උඩරැටියා ලෙසත් ඉතිහාස  ගත වන්නේය.

ඔහු එම එන්නත ලබා ගත්තේ 1816 වසරේ දී වසූරිය රෝගය උඩරට ප‍්‍රදේශය වේගයෙන් ආක‍්‍රමණය කරමින් තිබිය දීය. ඒ වනවිට ශ්‍රී ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයට නතුව ගෙවී තිබුණේ වසරකටත් අඩු කාලයකි.

පාලකයෝ වසූරිය මඩින්නට ඔවුන් ගේ රටින් එන්නතක් ගෙන්වූ එන්නත ප‍්‍රතික්ෂේප කළ උඩරැටියන් ගේ අවධානය එන්නත ෙ කරෙහි යොමු වූයේ ඉන්පසුවය. ප‍්‍රභූ පන්තියට මෙම එන්නත විදගන්නට සුදු ජාතික පාලකයන්ගෙන් ලැබුණු ඉල්ලීම්වලට ප‍්‍රතිචාර ලැබුණේ ඉන්පසුවය.

එවකට කැප්පෙටිපොල දිසාවේ බි‍්‍රතාන්‍ය පාලනයේ ඌව දිසාව භාරව කටයුතු කළ නිලධාරියා විය. ඉංගී‍්‍රසි ජාතිකයන් විසින් ගෙන ආ වසූරිය එන්නත මුලින්ම එන්නත් කරවාගත් කැප්පෙටිපොල දිසාවේ, එය ලබා ගන්නැයි තම දරුවන්ට හා ඥාතින්ට ද අනුබල දුන්නේය. එයින් පසුව එම එන්නත විදගන්නට  ශ්‍රී ලාංකිකයන් වෙත තිබු බිය පහව ගියේ යැයි ඉතිහාසයේ සදහන්වේ.

මේ සම්බන්ධව සටහනක් තබමින් එවකට සිටි පාලකයෝ කැප්පෙටිපොල දිසාව ඉදිරි දැක්මක් ඇති සිංහලයෙක් බව සදහන් කර ඇතැයි මේ තොරතුරු ලංකාදීපයට කී පරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS