උප ජනපති ධුරයට පත් පළමු කාන්තාව



කමලා හැරිස් සහ බයිඩන්ගේ ජය තහවුරු කළ ඩිමොක්‍රටික් පාක්ෂික ඇමෙරිකානුවෝ

බයිඩන් ට ඇමෙරිකා ජනාධිපති ධුරයට හිමිවෙද්දී, උප ජනාධිපති ධුරය හිමිවූ 56 හැවිරිදි කමලා හැරිස් දකුණ් ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියකි. ඒ අනුව, ඉන්දීය සම්භවයක් ඇති සහ ආසියානු සම්භවයක් ඇති තැනැත්තියක ඇමෙරිකාවේ උප ජනපති ධුරයට පත් වූ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

කමලාගේ මව ඉන්දියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ තැනැත්තියකි. ඒ, 1960 වසරේදීය. මවගේ නම ශ්‍යාමලා ගෝපලාන් ය. කමලාගේ පියා ජෝන් හැරිස්, ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ ජැමෙයිකාවෙනි. කමලා හැරිස් ට මායා නමින් සොහොයුරියක ද සිටී. ඇගේ වයස අවුරුදු 53 කි.

කමලා හැරිස්ගේ මව සහ පියා

කමලා උපන්නේ 1964 වසරේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් ජනපදයේය. මව ශ්‍යාමලා, දික්කසාද වීමෙන් පසු තනිවම කමලා සහ මායා ලොකු මහත් කළාය. ඒ නොයෙක් දුක් ගැහැට මධ්‍යයේය. දියණියන් දෙදෙනාට උසස් අධ්‍යාපනයක් ලබා දීම ශ්‍යාමලාගේ ප්‍රධාන අරමුණ විය. ශ්‍යාමලා පිළිකා සම්බන්ධ පර්යේෂිකාවක පමණක් නොව, සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියක ද වූවාය.

කමලා සහ මායා හැදී වැඩුණේ ඉන්දීය අභාෂයත් සමඟ ඇමෙරිකන් කළු ජාතිකයන් අතරේය. කමලා පමණක් නොව මායා ද ඇගේ මව සමඟ අවස්ථා ගණනාවදී ඉන්දියාවේ සංචාරය කර ඇත. ශ්‍යාමලා ඕක්ලන්ඩ් කළු ජාතිකයන්ගේ ජීවන රටාවට ප්‍රිය කළ අතර, කමලා සහ මායාට එය උරුම කෙරුණි. කමලා හැරිස් අධ්‍යාපනය ලැබුවේ හොවාඩ් විශ්ව විද්‍යාලයෙනි. ඇමෙරිකාවේ කළු ජාතිකයන් සඳහා වෙන්වුණු කීර්තිමත් විද්‍යාලයක් වන්නේ මෙයයි. කමලා හැරිස්ගේ මව ශ්‍යාමලා අද ජීවතුන් අතර නැත.

කමලා හැරිස් සහ ඩොග් එම්හොෆ්

කැලිෆෝනියාවේ පළමු නීතිපති ධුරයට පත් සුදු හමක් ඇති සුදු ජාතිකයකු නොවන තැනැත්තා වන්නේ කමලා හැරිස්ය. එම ධුරයට පත් කළු හමක් ඇති කාන්තාව වන්නේ ද ඇයයි. දකුණු ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට තේරී පත්වුණු පළමු සෙනෙට් මන්ත්‍රීවරිය වන්නේ ද ඇයයි.

කමලා නියෝජනය කරන්නේ ද කැලිෆෝනියා ජනපදයයි. 2014 වසරේ දී සෙනෙට් සභිකයකු වීමෙන් ද පසු කමලා හැරිස් විවාහ වූවාය. ඒ, ඩොග් එම්හොෆ් නමැති නීතීඥවරයා සමඟය. ඒ අනුව, ඩෝග්ගේ පළමු විවාහයේ දරු දෙදෙනාට සෙනෙහෙබර සුළුමවක වීමට කමලා ට හැකිවිය.

විදෙස් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS