ඇඩෙල් අතින් සම්මානය දෙකට කැඩෙයි



බ්‍රිතාන්‍ය ජාතික ජනප්‍රිය ගායිකා ඇඩෙල් මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ දී හොඳම ගීත ඇල්බමය සඳහා සම්මාන ලැබුවාය.

ඒ, ඇගේ ඇල්බමය වන ටුවෙන්ටි ෆයිව් සඳහා ය. ඇය මෙම සම්මානය දිනාගත්තේ බියොන්සේ ගේ ලෙමනේඩ් ඇල්බමය ද පරදවමිනි.
 
කෙසේවෙතත්, සම්මානය ලබාගනිමින් ඇඩෙල් පවසා සිටියේ ඇයට එම සම්මානය ලබාගැනීම අපහසු බවයි.

 “මට මෙම සම්මානය ගැනීමට අපහසුයි. ලෙමනේඩ් ඇල්බමය ඉතා සුවිශේෂි දැවැන්ත නිර්මාණයක්. අපි හැමෝම එය අගය කරනවා. අපි කළාකරුවො හැමෝම ඔබට ආදරෙයි. ඔබ අපේ ආලෝකයයි,” ඇය ඉතා සංවේදී ලෙස පැවසුවාය.
 
කෙසේවෙතත්, ඇගේ උද්වේගය වැඩි වූ නිසාවෙන් දෝ ඈ අතින් එම සම්මානය කැබලි දෙකකට කැඩුනු අතර, එසේ වුවත් ඇඩෙල් සිය සුපුරුදු සිනාමුසු මුහුණින් වේදිකාවෙන් බැස ගියාය.
 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි....


RECOMMEND POSTS