ආමීර් ද ? රජිනි කාන්ත් ද ?



ඉන්දීය සිනමාවේ සිටින දැවැන්ත චරිත ද්විත්වයක් වන රජිනි කාන්ත් සහ ආමීර් ඛාන් නවතම සිනමාපටයකට එකවර තෝරාගෙන තිබෙනවා.

ඒ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක එස්.එස්.රාජ්මෝලිගේ නවතම වීර කථා චිත්‍රපටයක් සඳහායි. 
ජනප්‍රිය බාහුබලි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ඔහු විසින් මහා භාරතයේ ඉතිහාස කතා ඇතුළත් නවතම චිත්‍රපටයකට නළුවන් තිදෙනෙකු තෝරාගෙන තිබු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා.

එම තේරීම් තුළ රාජිනි කාන්ත්, ආමීර් ඛාන් මෙන්ම මලයාලම් නළු මොහාන් ලාල් ද ඇතුළත්.

කෙසේ වෙතත් මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක් චිත්‍රපටයට තෝරා ගැනෙන අතර ඔහු කව්රුද යන්න ප්‍රේක්ෂකයාට කුතුහළය ගෙන දෙන්නක්  බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මෙතෙක් තෝරාගෙන නැහැ. 

අප්‍රේල් මාසයේ දී ප්‍රධාන නළුවා තෝරාගෙන චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකරන බවයි අධ්‍යක්ෂකවරයා ප්‍රකාශකර ඇත්තේ.

 

( තිළිණි ද සිල්වා )
ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි...


RECOMMEND POSTS