සෞදියේ ආසාදිතයින් දෙදහස ඉක්මවයි



සෞදි අරාබියේ කොවිඩ් 19 නව කොරෝනා වයිරසය ආසාදිතයිගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවෙදනය කර  ඇති බව සෞදි මාධ්‍ය අනාවරණය කරයි.

සෞඛ්‍ය අමාතයාංශයේ  නිවේදනයට අනුව සෞදි අරාබියේ වාර්තාවූ  කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 154 ක් වූ අතර සම්පුර්ණ කොරෝනා ආසාදිතතයින්ගේ සංඛ්‍යාව 2039 දක්වා ඉහල ගොස් ඇති අතර 351 දෙනෙක් සුවය ලබද්දී 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.අසාද්‍ය තත්වයේ පසුවන 41 දෙනෙකු හදිසි අනතුරු(ICU) වාට්ටු වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

කෙසු වුවද සෞදි අරාබියානු රාජකීය නියෝගය අනුව මේ වන විට සෞදියේ වෙසෙන සියලුම පුරවැසියන් වෙත නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටිනුයේ කිසියම් හෝ පුත්ගලයෙකු හට(විසා සහිතව හෝ අනවසරික රැදී සිටින්නන්) කොවිඩ් 19 කොරෝනා රෝග ලක්ෂණ හෝ ආසාදිත තත්වයක් පවතින්නේනම් කිසිදු බියකින් තොරව ආරක්ෂක අංශ හෝ ඕනෑම පෞද්ගලික හෝ රජයේ රෝහලකට වාර්තා කරන ලෙසයි.ඒ සදහා රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් සදහා සියලු පහසුකම් නොමිලේ ලබාදීමට සෞදි රජය සුදානම් බවත් සෞදි මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබියේ මේ වනවිට පවතින තත්වය මත සහ කොරෝනා ව්‍යාප්තවීමේ අවධානම අවම කිරීම සදහා යම් යම් නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කරන අතර මක්කා මදිනා යන ප්‍රදේශ වල ඇදිරි නිතිය පය 24 පුරාම ක්‍රියාත්මක වෙයි දමාම්,රියාද් සහ තදාසන්න ප්‍රදේශ වල සවස 3.00 සිට පසුදා 6.00 දක්වා ක්‍රියාත්මක වන අතර ආරක්ෂක ක්‍රම වේදයන් අනුගමනය කරන ලෙස සෞදි රජය සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි.

කොරෝනා අති භයානකයි.සෞදි රජයේ අවවාදය සමාජ දුරස්ථ භාවය,නිවසේ රැදී සිටින්න.; “STAY HOME’

ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS