සෞදි නැගෙනහිරෙන් බුදු තෙමගුලට බත් දන්සලක්



බුදු තෙමගුල සැමරීම වස් වෙසක් පුණ් පොහොය නිමිත්තෙන්  සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින්  මහා බත් දන්සලක් පසුගිය පසුගිය දා (19 වැනිදා ) දමාම් අල් සාෆි උත්සව ශාලාවේ භූමියේදී අති විශාල ශ්‍රී ලාංකික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

නැගෙනහිර සහ තදාසන්න පෙදෙස්වල වෙසෙන ශ්‍රී ලාංකික ධන පරිත්‍යාගශිලීන්ගේ සහ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ පුර්ණ දායකත්වයෙන් පැවති  මෙම මහා බත් දන්සල ආරම්භ  වීමට ප්‍රථම විශේෂ සම්භාව්‍ය ආරාධිත  ලෙස සැපත්වූ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා විසින් “මාතු පෝෂක ජාතකය” පිලිබිබු වනසේ ඉතා අලංකාර ලෙස නිර්මාණය තිබු වෙසක්  තොරණ විවෘත සිදුවූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලාංකික ධර්ම දේශකයකු වන අනිල් ලසන්තද සිල්වා මහතා  විසින් බුදු දහම මගින් ජීවිතය ආලෝකමත් කරන්නේ කෙසේද යන්න පිලිබදව ධර්ම දේශනාවක්ද  ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් ඉදිරිපත් කරන ලද බක්ති ගී ගායනා කිහිපයක රසවිදිමටද සංස්කෘතික සංසදයේ සංගීත අධ්‍යක්ෂ අසේල ප්‍රසන්න මහතාගේ නායකත්වයෙන් යුත් “සෙරන්ඩිබ්” සංගීත කණ්ඩායම කටයුතු යොදා තිබිණ.

මෙම මහා බත් දන්සල් ශාලාව පුරා බුදු සිතුවිල සිත් සතන් පුරා ප්‍රමෝදමත් කරමින් දම් සිසිලස ගෙනදෙන වෙසක් කුඩු සහ බොදු කොඩි වලින් සරසා තිබුනේ මවුබිමේ දහම් සිතුවිලි සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ පුරා ශාක්ෂාත් කරමිනි.

මෙම දන්සල සදහා පුර්ණ අනුග්‍රාහකත්වය ජාතික ඉතිරි කිරීමේ බැංකුව සපයා තිබිණ.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබියේ සිට


RECOMMEND POSTS