සෞදි නැගෙනහිරට අවුරුදු අසිරිය



සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් සුපුරුදු පරිදි මෙවරත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා බක්මහ උළෙලක් සංවිධානය කර ඇති බව සංසදයේ  සභාපති සුමිත් රෝයි වීරක්කොඩි මහතා පවසයි.

සිංහල සහ  හින්දු චාරිත්‍රානුකුලව සිදුකරන මෙම මහා සුර්ය මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය මත සහ  සාම්ප්‍රදායානුකුලව පැවත එන විවිද චාරිත්‍ර වාරිත්‍ර සහ ජාතික ක්‍රීඩා විශාල ප්‍රමාණයක්  ඇතුලත් කර ඇති බවද පවසයි.

අවුරුදු කුමර කුමරිය කනා මුට්ටිය බිඳීම ලිස්සන ගහේ යාම බනිස් කෑමේ තරග පොල් ගෑම කඹ  ඇදීම කොට්ට පොරය ආදියෙන් සමන්විත වන මෙම මහා බක් මහා උළෙල නැරබීම සහ සහබාගි වීමට පැමිණෙන මෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන්  ඉල්ලා සිටින  බව සුමිත් මහතා පවසයි.

මෙම බක් මහා උළෙල සදහා විශේෂ ආරාධිතයා ලෙස රියාද් ශ්‍රී ලංකා තානාපති අස්මිතාසිම් මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන්  සහබාගි වීමට නියමිත බවද සදහන්ය

මෙම මහා බක්මහ උළෙල සදහා අනුග්‍රාහකත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සපයන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ පීසී කාර්ගෝ ආයතන සම අනුග්‍රාහකත්වය දක්වයි මාධ්‍ය මෙහෙවර ලංකාදීප පුවත්පත සහ ශ්‍රී ටීවී මගින් දක්වයි

දමාම් දල්ලා  අල් සාෆි උත්සව භුමියේ පැවැත්වීමට නියමිත මෙම බක්මහා උළෙලෙහි වැඩි විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටි

0560445190

0562537669

0502903867 සහ 0532840326

ලලිත් ප්‍රේමලාල්
සෞදියේ සිට

 


RECOMMEND POSTS