සෞදි අරාබියේ දමාම් SLCC සමර් කුසලානය ටැමිල් යුනියන් කණ්ඩායමට



 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) ප්‍රධාන අනුග්‍රාහකත්වය  සහ EXPRESS MONEY ,GOLDEN DISING,පිසි කාර්ගෝ සහ FRENDLY MOBILEයන ආයතන වල සම අනුග්‍රාහකත්වයෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් එස් එල් සිසි ක්‍රීඩා සමාජයේ පස් වෙනි වාර්ෂික සංවත්සරය වෙනුවෙන් පසුගිය සිකුරාදා අල් රාකා ක්‍රීඩාංගනයේ පවත්වන ලද අට සාමාජිකපන්දු වාර හය සහ  ඕවර පහ බැගින්වූ  මෙම මහා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය  තමිල් යුනියන් කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී.

මෙම තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම පසුගියදා ශ්‍රී ලංකාවේ ඇතිවුන ම්ලේච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය හෝ තුවාල ලැබූ සියලුම ජනතාව වෙනුවෙන් විනාඩි තුනක නිශ්ශබ්ද තාවයක් පැවති අතර අමානුෂික ත්‍රස්තවාදී ප්‍රහාරයය හෙලා දැකීම සහ විරෝධය පැම උදෙසා සියලුම ක්‍රීඩකයින් තම අත් බාහුවේ කළු පටියක් පැළද ක්‍රීඩා කිරීමද විශේෂිත විය.

දමාම් එස් එල් සි සි ක්‍රීඩා සමාජයේ කළමනාකරු එම් නවරත්නම්(නවා) මහතාගේ පුර්ණ අදීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම මහා ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කණ්ඩායම් 16 ක  ක්‍රීඩකයින් සහභාගිවූ අතර ශ්‍රී ලාංකික නොවන වීදේශික ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළුව එක් ක්‍රීඩා කණ්ඩායමකට අට දෙනෙකු බැගින් මෙම තරගාවලිය සදහා අවස්තාව ලබාදී තිබිණ

අර්ධ අවසන් පුරවා තරගය සදහා ටැමිල් යුනියන්,ඇරැබ් ලංකා,SLCC DAMMAM, රියල් ලයන්ස් තරග වැදීමෙන්  අනතුරුව

 අර්ධ අවසන් තරගයේ පළමු වටය සදහා තේරී පත්වූ ටැමිල් යුනියන් සහ රියල් ලංකා පිටියට පිවිස තරග වැදීමෙන්  ටැමිල් යුනියන් කණ්ඩායමේ රිෆ්ති ක්‍රීඩකයා විසින් අවසන් පුරවා තරගය දක්වා ගෙනයනලද්දේ තම පෞද්ගලික දක්ෂතාවය මොනවට පැහැදිලි කරමිනි. ඒ අතර දෙවන අර්ධ අවසන් තරගය සදහා එස් එල් සිසි සහ ඇරැබ් ලංකා තරග වැදුන අතර අසාම්ගෙන් ලද තියුණු පිතිහරබය නිසාම ඇරැබ් ලංකා අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ ටැමිල් යුනියන් කණ්ඩායම සහ ඇරැබ් ලංකා පිටියට පිවිසෙමින් කාසියේ වාසිය ලබා ගත්ටැමිල් යුනියන් කණ්ඩායමේ  නායක මොහොමඩ් රිපති විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්තාවතම කණ්ඩායමට  උදාකර ගන්නා ලදී ඒ අනුව පන්දු ඕවර 5  ඇතුලත කඩොලු 4 ක් පමණක් දැවී අගනා ලකුණු 64 ක් ලබා ගන්නලද්දේ මොහොමඩ් නජාත්ගේ පෞද්ගලික ලකුණු 41 සමගය.පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී ඇරැබ් ලංකා කණ්ඩායමට අබියෝගයක්ව තිබු ලකුණු 64 ඉලක්කය හඹා ගියද  පන්දු ඕවර 5 තුලදී කඩුලු  6 ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුනු 41 ක් පමණි ඒ අනුව SLCC DAMMAM ක්‍රීඩා සමාජය මගින් පවත්වන ලද තරගාවලි දෙකකදීම (2018 සහ 2019)නොකඩවා දෙවරක් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත්වීම විශේෂිත විය.ඒ අනුව ඇරැබ් ලංකා කණ්ඩායම අනුශුරතාවය හිමි කරගන්නා ලදී

මෙම තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස SLCC DAMMAM කණ්ඩායමේ ශිපාන් විසින් හිම කර ගත් අතර හොදම පිතිකරු ලෙස ටැමිල් යුනියන් කණ්ඩායමේ රිෆ්ති විසින්ද තරගාවලේයේ වීරයා ලෙස නැවතත් රිෆ්ති විසින්ද අවසන් මහා තරගයේ වීරයා ලෙස මොහොමඩ් නජාත් විසින්ද හොදම පන්දු රකින්නා ලෙස SLCC DAMMAM කණ්ඩායමේ රාජ් කුමාර්ද හිමි කර ගන්නා ලදී.

මෙම මහා තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට සහ දක්ෂතා පෙන්වූ සියලුම ක්‍රීඩකයින් හට කුසලාන ප්‍රධානය කිරීම තව්විල් අල් රාජි බැංකුවේ නැගෙනහිර කලාපිය කළමනාකාර අබ්දුල්ලා සාලේ අල්ගම්දි මහතා සහ ශාඛා කළමනාකාර හයිතම් සම්රාන් සල්මාන් අල් ෆර්හාන් මහතා විසින් සිදු කරන ලදී.මාධ්‍ය ආවරණය ලංකාදීප වෙතින් ලබාදෙන ලදී

ලලිත් ප්‍රේමලාල්

දමාම්සිට


RECOMMEND POSTS