ස්වර්ණාභරන සහ ඔරලෝසු ප්‍රදර්ශනයේ නිල හෝටල් සහකරු ෂැංග්‍රි-ලා ට



 

14 වැනි වරටත් පැවැත්වෙන දෝහා ස්වර්ණාභරන සහ ඔරලෝසු ප්‍රදර්ශනයේ නිල හෝටල් සහකරුවා ලෙසින් තරු පහේ හෝටලයක් වන ෂැංග්‍රි-ලා හෝටලය පත්කර ඇත. 

දින 6 ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ කටාර් සංචාරක අධිකාරිය විසිනි. ප්‍රදර්ශනය පෙබරවාරි 20 වැනිදා දෝහා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතය. 

මෙවර දෝහා ස්වර්ණාභරන සහ ඔරලෝසු ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බින් කාලිෆා අල් තානි මහතාගේ අනුග්‍රහය මත පැවැත්වෙයි.

 


RECOMMEND POSTS