සමා කාලය මැද ලාංකිකයෝ මවුබිමට



සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින අනුවක පොදු සමා කාලයෙන් මේ වනවිටත් ශ්‍රී ලාංකිකයින් සැලකියයුතු පිරිසක් ශ්‍රී ලංකාව බලා පිටව ගොස් ඇති බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසිය.

මේ වන විට අනවසරයෙන් රැදී සිටි ශ්‍රී ලාංකිකයින් දහසකට නො අඩු පිරිසකට තාවකාලික ගමන් බලපත් නිකුත් කර ඇති අතර දිනකට අවම වශයෙන් ගමන් බලපත් එකසිය පනහක් වත් නිකුත් කරන බවද රියාද් තානාපති කාර්යාලය පවසයි.කෙසේ වුවද සෞදි රජය මගින් ලබාදී ඇති සහනකාලිය නිතිය අනුව ගමන් බලපත සමග ආගමන විගමන කාර්යාල වෙත ගොස් නිත්‍යානුකුලව මෙරටට පැමිණ ඇති බව සහ පොදු සමා කාලයෙන් රටින් බැහැරවීමේ සුදුසුකම් ලබා ගත යුතු බවද ඉන් අනතුරුව ලබාදෙන පිටවීමේ විසා සමග ගුවන් තොටුපොල වෙත යා හැකි බවද පවසයි.

 රියාද් තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් නැගෙනහිර පළාතේද ජංගම සේවා  වනවිටත් ක්‍රියාත්මකව ඇති අතර පසුගිය සිකුරාදා සහ අඟහරුවාදා අල් කොබාර් සහ දමාම් පැවති  ජංගම සේවා තුලදී පමණක් සියයකට නො අඩු ගමන් බලපත් ප්‍රමාණයක්නිකුත් කල බව දැක ගන්නට ලැබිණ.විශේෂයෙන්ම තම නිවෙස් වලින් පලාගොස් අනවසරයෙන් විවිද ස්ථාන වල රැකියාවන් කරමින් සිට මවුබිමට යාම සදහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය යම් ප්‍රතිශතයකින් ඉහල ගොස් තිබුනද දෙදහස් දහතුන වසරේ පොදුසමා කාලයට සාපේක්ෂව කාන්තාවන්ගේ ප්‍රමාණය අඩු මට්ටමක පවතින බව දැනගන්නට ඇත.

තානාපති කාර්යාලිය බලධාරීන් පවසනුයේ අනවසරයෙන් මෙහි රැදී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් පොදු සමාකාලය ප්‍රයෝජනයට ගෙන මෙරටින් පිටව යාමට කටයුතු කරන ලෙසයි. කෙසේ වුවදපොදු සමා කාලය තුලදී මෙරටින් පිටව යන ඕනෑම අයෙකුට නැවත නිත්‍යානුකුලව සෞදි අරාබියට පැමිණීමට කිසිදු බාධාවක් නොමැති බවද සෞදි අරාබියානු රජය විසින් නිකුත් කර ඇති පුවත්පත් නිවේදන වල සදහන්ය.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබියේ සිට


RECOMMEND POSTS