ශ්‍රී ලංකා තානාපති, අරැමේකෝ සභාපති හමුවෙයි



සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගමක් වන ඇරැම්කෝ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වන අමීන් එච්.නසේර් මහතා සහ සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් අතර විශේෂ හමුවක් ඉකුත්දා රියාද් නුවර පැවැත්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකා තානපති සහ ඇරැම්කෝ සභාපතිවරයා අතර හමුවේදී ඇරැම්කෝ සමාගමේ මෙහෙයුම් පිළිබද සවිස්තර වාර්තාවක් සහ ලෝකයේ වඩාත්ම විශ්වාසදායක බලශක්ති සැපයුම්කරැ බව එම සමාගම් සභාපතිවරයා සදහන් කර ඇත.

එහිදී වැඩිදුර කරැණු පැහැදිලි කළ ශ්‍රී ලංකා තානාපතිවරයා ලංකාවේ වැඩිවෙමින් පවතින බලශක්ති ඉල්ලුම පිළිබදවත් , අනාගත බලශක්ති අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය සහ දෙරටේ පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ඇති කර ගන්නා අකාරය පිළිබද කරුණු සාකච්ඡා කළේය.

අරැම්කෝ තෙල් සමාගම් සභාපති සහ ශ්‍රී ලංකා තානාපතිවරයා අතර පැවති හමුවට  රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක මධූක වික්‍රමාරච්චි සහ තානාපති කාර්යාල නිලධාරී සහ ද්විපාර්ශවික කටයුතු පිළිබද නිලධාරී ඒ.එල්.එම් ජබීර් යන මහත්වරුන්ද එක්වූහ.

ඇරැම්කෝ සමාගම ලොව විශාලතම තෙල් සැපයුම් සමාගමක් වන අතර තෙල් බැරල් බිලියන 332.9ක තෙල් සංචිතයක් පවත්වා ගෙන යනු ලබයි.


RECOMMEND POSTS