ශ්‍රමිකයින් ගැන සොයා බැලීම සාර්ථකයි



ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ශුභසාධනය සම්බන්ධයෙන් සිදුකරගෙන යන්නාවූ විවිධ ක්‍රියාමාර්ග ගැන සොයා බැලීම සඳහා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සෞදි ආරාබියේ රියාද් නගරය වෙත සිදුකළ තෙදින නිල සංචාරය ඉකුත් 05 වැනිදා අවසන් කළ බව  රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙම නියෝජිත පිරිස සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ශුභසාධනය සම්බන්ධයෙන් සිදුකරගෙන යන්නාවූ විවිධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපති කාර්යාලයය සමගින් සාකච්ඡා පැවැත්වූ අතරම  රියාද් නගරයෙහි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය සහ සෞදි රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා බලා පිටත්ව යාමට නියමිතව සිටින ශ්‍රමිකයන්ගේ ශුභසාධනය සඳහා ස්ථාපිත කර ඇති සුරක්ෂා නිවාසද සිය පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

සිය සංචාරය අතරතුර මෙම නියෝජිත පිරිස රියාද්හි වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන් හමුවූ අතර එහිදීද ඔවුහු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ශුභසාධනය සම්බන්ධයෙන් සිදු කළ යුතු කාර්යභාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූහ. මෙහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්හට සෞදි ආරාබියේ රැකියා අවස්ථා තවත් පු`ඵල් කරගත යුතු ආකාරයද සාකච්ඡාවට භාජනය විය.

මෙම නියෝජිත පිරිසට  විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ආර්.සී.බී. ඒකනායක මහතා, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී මොහොමඞ් ෂිබ්ලි මහතා අයත්වූහ.


RECOMMEND POSTS