වෙසක් මංගල්‍යය 11 දා



අබුඩාබි ශ්‍රී ලාංකා සංස්කෘතික පදනම හා අබුඩාබි‍ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ  වෙසක් සංස්කෘතික මංගල්‍යය  මැයි මස 11 වෙනි සිකුරාදා දින අබුඩාබි මූෂ්රිෆ් පාර්ක් හිදී පැවැත්වේ.

එදින පස්වරු 05.30 සිට පස්වරු 10.00 දක්වා මෙම වෙසක් මංගල්‍යය පැවැත්වෙන අතර අබුඩාබියේ සිටින සියළුම ලාංකිකයින්ට මෙම අවස්ථාව දැකබලා ගැනීමට සංවිාධායකවරු විවෘත ආරාධනාවක් කරති.

මහා තොරණ් රාජයා, විචිත්‍රවත් වෙසක් කූඩු ඇතුළු දේශීය සංස්කෘතික අංගයන්ගෙන් සපිරි වෙසක් පෙරහැරක් දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවෙන අතරම ඔබ වෙනුවෙන් පැවැත්වෙන දන්සැල්ද වැඳ ගැනීමේ අවස්ථාවද හිමිවනු ඇත.

විනීතා ඒම් ගමෙග්


RECOMMEND POSTS