රජයේ ප්‍රතිරූපයට හානි කිරීමේ වැඩපිළිවෙළක්



මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයෙන්, මිලානෝ හා ඒ අවට නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන තානාපති සේවා අඩපණ කරවා, ජනතාව කුපිත කරමින් නව රජයේ ප්‍රතිරූපය වෙනස් කිරීමට, එම කාර්යාලයේ ලිපිකාර සේවයේ නියැලෙන තැනැත්තියක හා සමාජ ක්‍රියාකාරී වෙස් ගත් ජාවාරම්කරුවන් පිරිසක් උත්සාහ ගන්නවා යැයි මිලානෝ ලාංකිකයෝ චෝදනා නගති.

මිට වසර කිහිපයකට පෙර මිලානෝ හා ඒ අවට නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තමන්ට අවශ්‍ය තානාපති සේවාවන් කර ගැනීමට රෝම නගරයේ පිහිටි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යා යූතුව තිබුණි නැතහොත් අදාළ ලියකියවිලි සඳහා විශාල මුදලක් ගෙවා තැරැවු කරුවන් ලවා කර ගැනීමට සිදුවිය.

මෙම ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ විශාල ඉල්ලීමක් අනුව  2013 වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් පිහිටුවා  අදාළ සියලුම සේවා මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට ලබා දිමට අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකා රජයට විශාල මුදලක් උපයා දෙනවා මෙන්ම ලාංකිකයන්ට ලබාදෙන සේවය අතී විශිෂ්ට වන අතර අයථා ලෙස මුදල් ගසා කෑ තැරැවු කරුවන්ට බඩෙ පහරක් එල්ල කිරීමටද මෙම කොන්සල් කාර්යාලය සමත් විය.

කොරොනා ව්‍යසනයෙන් ඇතිවි තිබෙන්නාවූ හදිසි තත්වය හේතුව මෙන්ම සේවක පුරප්පාඩු නිසා කරන්නාවූ  සේවාවන් මන්දගාමී ස්වරූපයක් ගැනීමත් මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිට පොලිම් ගැසි සිටින ජනතාව අතර තදබදයක් තිබිම නොරහසක් වන අතර ඉතාලිය පුරා වෛරස් ආසාදනය පාලනය කිරීම සඳහා හදිසි පියවරයන් ඇතුළත් නව නියෝගය අනුව සියලුම ආයතන පමණක් නොව සුපිරි වෙළඳසැල් අසල පවා තද සිතල දේශගුණයක් තුුළද විශාල වශයෙන් පෝලිම් දක්නනට ලැබිම සාමාන්‍ය දෙයකි.

කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සේවා කාලය අවසන් වෙමින් පවතින ලිපිකාරිනිකගේ සැමියාද සමාජ ක්‍රියාකාරී හා දේශපාලන ක්‍රියාකාරී වෙස් ගත් තැරැවු  කරුවන් පිරිසක්ද අපරාධ චෝදනා ලද පිරිසක්ද  සමග මත්පැන් සාද අතරතුර සමාජ ජාලා මාධ්‍ය සංදර්ශන පවත්වමින්  ජනතාව කුපිත කරවා කොන්සල් කාර්යාලයේ සේවය කඩා කප්පල් කරමින් පිරිසක් බොර දියේ මාළු බෑමට උත්සාහ කරන බවට ඇතැමුන් චෝදනා කරති.

මෙකී ලිපිකාරිනියගේ සේවා කාලය දීර්ඝ කර ගැනීමට විශාල උත්සහයක නිරත වන තම සැමියා මෙවැනි කඩාකප්පල්කාරීන් සමඟ එකට කටයුතු කිරීම විමතියට කරුණකි.

මේ සම්බන්ධයෙන් මිලානෝ වැඩබලන කොන්සල් ජෙනරාල්තුමියගෙන් කල විමසුමකදී ඇය කියා සිටියේ තමාට දුරකථන මගීන් ලිපිකාරිනිකගේ සැමියාගේ ක්‍රියාකලාපය සම්බන්ධව පැමිණිලි ලැබී ඇති නමුත් ලිඛිත දැනුම්දීමක් තවම ලැබී නොමැතිව බවද එසේ ලැබුනොත් ඒ සඳහා අදාළ පුද්ගලයන් හා අදාළ ආයතන දැනුවත් කරන්න බවද පැවසීය

කොරොනා ව්‍යසනයෙන් ඇතිවි තිබෙන්නාවූ සේවා තදබදය අවම කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්තුමාගේ උපදෙස්මත ඉදිරි දිනයන්හි ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වාදී ඒමගින් වේලාව වෙන්කරගෙන කොන්සල් කාර්යාලයෙන් සේවා ලබා ගැනීමටත් ඉතාලියේ සෞඛ්‍ය නිතී අනුගමනය කරමින් මිලානෝ හා ඒ අවට නගරවල භික්ෂුන් වහන්සේලාගේද පියතුමාන්ලාගේද අනුශාසනා අනුුදැනූම ඇතිව ශ්‍රී ලාංකික සංවිධානයන්ගේද සහයෝගය ඇතිිිව ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු සුදානම් කරන බව වැඩි දුරටත් පවසා තිබේ.

මිලානෝ නුවර සිටින
ශ්‍රී ලාංකිකයෝ පිරිසක්

RECOMMEND POSTS